බදුල්ලේ පොහොට්ටු නාමයෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙලා

බදුල්ලේ පොහොට්ටු නාමයෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙලා
මහියංගනය ප්‍රාදේශීය සභා නාමයෝජනා පත්‍රයේ අපේක්ෂකයෙකුගේ ස්ත්‍රී පුරුෂභාවය සඳහන් නොවීම නිසා ප්‍රතික්ෂේප වී ඇති අතර බදුල්ල ප්‍රාදේශීය සභා නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේපවීමට හේතු වී ඇත්තේ එක් අපේක්ෂකයේකුගේ නම සඳහන් නොකර අත්සන පමණක් යොදා තිබීමයි.
 
මීට අමතරව මහියංගනය ප්‍රාදේශීය සභාව සදහා ස්වාධීන කණ්ඩායමක් ඉදිපත් කළ නාමයෝජනා පත්‍රයද ප්‍රතික්ෂේප වී තිබේ.
 
බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11  ක් සඳහා නාමයෝජනා ලබාගැනීම ඊයේ (14) අවසන් වූ අතර පිළිගත් දේශපාලන පක්ෂවලින් නාමයෝජන පත්‍ර 42 ක් හා ස්වාධීන කණ්ඩායම් වලින් නාමයෝජනා පත්‍ර 10 ක් වශයෙන් නාමයෝජනා 52 ක් බාරදී තිබුණි.
 
ඊයේ දිනයේදී මාතර වැලිගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයට විරෝධතා එල්ලවීම නිසා එම නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප කිරීමට මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීවරයා පියවර ගෙන තිබිණි.
 
බදුල්ල විමුක්ති සංජය පෙරේරා
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment