මේ වන තෙක් හම්බන්තොට කලාපය තුල සිටි පිළිකා රෝගීන්ට ගාල්ල කරාපිටිය රෝහලට හෝ ඌව පළාත තුළ සිටින රෝගීන්ට ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට යාමට සිදුව තිබිණි. මේ නිසා දුර බැහැරට යාමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයන්ට ලක්විය. බොහෝ අවස්ථාවන්හි එසේ යාමට නොහැකි රෝගීන් ප්‍රතිකාර ගැනීමෙන් වැලකී සිට ඇති බවද රෝගීන්ගෙන් ලද තොරතුරුවලින් හෙළි වී තිබේ.
2014 වර්ෂයේ සිට හම්බන්තොට මහ රෝහලේ පිලික රෝගීන් සඳහා සායන පැවැත්වුවද එම රෝගීන් ගාල්ල, බදුල්ල රෝහල් තුලට නේවාසික ප්‍රතිකාර ලබාදීම සදහා මෙතක් යොමු කිරීම මෙතෙක් සිදු කෙරිණි. හම්බන්තොට රෝහලේ පිළිකා සායනය සඳහා රෝගීන් 200 කට අධික ප්‍රමාණයක් සහභාගි වේ.
එමෙන්ම හම්බන්තොට මහරෝහල යටතේ අම්බලන්තොට රෝහලේ ආරම්භ කරන මෙම පිළිකා රෝග ප්‍රතිකාර ඒකකය තුළින් එකවර රෝගීන් 20 කට පමණ නේවාසික ප්‍රතිකාර ලබා දීමේ පහසුකම් සලසා ඇති බව විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් මහතා පවසයි. පිළිකා නාශක ඖෂධ ලබාදීම ද මසක පමණ කාලයකින් ආරම්භ කරන බවද විකිරණ ප්‍රතිකාර ලබාදීම සැලසුම් කිරීමද පිළිකා සහන සේවා සත්කාරද මෙහිදී සිදු කිරීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය මහිලාල් විජේකෝන් මහතා පවසා සිටියේය.
හම්බන්තොට රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
0 comments :
Post a Comment