දුම්රිය වර්ජනය ගැන තීරණය අද



දුම්රිය වර්ජන සඳහා විසඳුම් සෙවීමට පත් කොට ඇති අමාත්‍ය අනුකමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (13) දිනය තුළ වැඩවර්ජනය පිළිබඳ තීරණයකට එළඹිය හැකි යැයි දුම්රිය වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මේ අතර සේවයට නොපැමිණෙන කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන දුම්රිය සේවකයන්ගේ සේවය අත්හිටුවන අතර ස්ථීර සේවකයන් සේවය අත්හැරගියවුන්සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ අනුව හෙට දිනය පසුගිය හය වෙනිදායින් ඇරඹි දුම්රිය වැඩ වර්ජනය පිළිබඳ තීරණාත්මක දිනයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එස්.ටී.පී.සිල්වා


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment