ප්‍රයිවෙට් බස් අනතුරු අඟවයි


දැනට පවත්නා මාර්ග තදබදය නිසා පෞද්ගලික බස් රථ වල ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් මෙම ප්‍රශ්නයට කඩිනම් විසදුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරි මාසය වන විට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් කර ගැනීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

වත්මන් රජය 2020 වන විට 'ඉහළින්' ගමන් කිරීමට කථා කළද වර්තමානයේ 'පහළින්' වත් යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි පවසා සිටින ඔහු මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට නොහැකි නම් යහපාලන රජයේ ඇමතිවරුන් පස් දෙනෙකු ඉල්ලා අස්විය යුතු බවද ඔහු කියා සිටී.

බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකිරීම මත කොළඹ නගරයේ රථවාහන සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර් පහ දක්වා අඩුවී ඇතැයි ද විජේරත්න මහතා පවසයි.



දමයන්ති ගමගේ



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment