හිටපු අයිජීපී මහින්ද බාලසූරියගේ විස්කි බෝතල් සොරාගත් මෙහෙකරුවන් සොයා පරීක්ෂණ

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ කැලණියේ නිවසේ තිබුණ විස්කි බෝතල් දෙකක් සහ අයී පෑඩ් එකක් සොරාගෙන ගිය බවට සැකකරන එම නිවෙස් සේවය කළ සේවිකාවක සහ සේවකයකු අත්තුඩංගුවට
ගැනීමට කැලණිය

පොලීසීය පරීක්ෂණ පවත්වාගෙන යයි. බාලසූරිය මහතා කැලණිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් 98,000ක් පමණ වන බව පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වෙන බව දැනගැනීමට ඇත.
අත්අඩංගුවට ගැනීමට සොයන සේවකයා හා සේවිකාව තලවකැලේ වත්තේ පදිංචිකරුවන් බවත් වතු අධිකාරිවරයකු විසින් මේ දෙදෙනා හිටපු පොලිස්පතිවරයාගේ නිවෙස් සේවය සඳහා සොයාදී ඇති බවත් කැලණිය පොලිසියේ නිලධාරියා කීය.
මෙම කාන්තාව සහ පිරිමියා නිවාඩුවට ගමට
යන බව කියමින් හිටපු පොලිස්පතිවරයාගේ නිවෙසින් පිටත්ව ගොස් ඇති බවත් ඉන්පසුව නිවෙස් තිබූ අයිපෑඩ් එක හා විස්කි බෝතල් දෙකක් අතුරුදන්වී ඇති බව පෙනී ගොස් ඇති බවත් මේවා සේවයේ නිරතව සිටි දෙදෙනා විසින් සොරාගෙන ගොස් ඇති බවත් හිටපු පොලිස්පතිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි. කැලණිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment