ප්‍රංශයට ගිහින් හොඳම මොඩල් සම්මානය දිනූ කුරුණෑගල තරුණයා


ප්‍රංශයට ගිහින් හොඳම මොඩල් සම්මානය දිනූ
කුරුණෑගල තරුණයා

 පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවර  පැවති  Best Model of the World 2017 තරගයේදී රටවල් 174 ක තරගකරුවන් අභිබවා කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ තරුණයෙකු හොඳම නිරූපණ ශිල්පියා ලෙස ප්‍රථම තැනට තේරී පත්වූයේය. ඔහු නමින් ජනුක රාජපක්ෂයි.
ලංකාවේ තරුණයෙකු මේ ආකාර ජාත්‍යන්තර තරගයකින් පළමු තැන දිනූ ප්‍රථම අවස්ථාව මෙය
ලෙස සැලකේ.

කුරුණෑගල මලියදේව විදුහලේ ආදි සිසුවකු වන ජනුක මින් ඉහත 2015 සිරස මෑන් හන්ට් තරගයෙන් දෙවැනි තැන දිනූ අයෙකි. අනතුරුව 2015දී පෙරකී තරගාවලියට එක්වී එහිද දෙවන ස්ථානය දිනූ ඔහු මෙවර තරගයේදී පළමු තැන දිනා තිබේ.
පසුගියදා ඔහු ජයග්‍රහණය අත්කරගෙන ලංකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටුපළේ සිට නිවස දක්වාම විශේෂ පිළිගැනීම් උත්සවද සංවිධානය කර තිබුණි.
ජනුක ජයග්‍රහණය කළ අවස්ථාවේත් ඔහු ලංකාවට පැමිණි පසු පිළිගැනීම් අවස්ථාවේත් ඡායාරූප කිහිපයක් පහතින්








Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment