ඒකාබද්ධයේ බලේ දියාරු වෙයි


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මේවන විට මන්වත්‍රීවරුන් 53 දක්වා පහළ බැස තිබේ.

පසුගියදා එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වය ලබා ගැනීමත් සමඟ මේ තත්ත්වය ඇතිවී ඇත.

ඒකාබද්ධ විපක්ෂය සමන්විතව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 45ක් හා සෙසු පක්ෂ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 10 දෙනෙකු ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 55 කිනි.

එහි සුළු පක්ෂ නියෝජනය කරනු ලැබුවේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 05ක්, මහජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 02ක් හා කොමියුනිස්ට්, පිවිතුරු හෙළඋරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂවල එක් මන්ත්‍රීවරයා බැගිනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment