ප්‍රේමය හැරෙන්නට
සියල්ලම මියැදුණු දෑසද
කිසිවෙකු විසින් වසනු ඇතී
මගේ අනු දැනුමකින් තොරවම
ඉතිං ඔබ ආවත්
නොදකීවි දැනන් උන් අපි අපිම
බොහෝ කලකට පෙර වුව
ඔබේ දෑතෙහි නිතර හිරවුණු
'උණුසුම්ය' ඔබම කී දෑත ද
සීතලෙන් ගල් ගැසී ඇති බව
පැමිණ නොකියන්න මට
නිහඬවම හෝ
හඬමින්ම
හිස මදක් ඇලකර
දෑත් බැඳ ශෝකයෙන් බලා හිඳ
දම් පැහැ ගැසී ඉදිමුණු
දෙතොල් සහ මුහුණ දෙස,
නොහෙළන්න එකම එක කඳුලක්
ඉතිං මට අතින් පිසලන්න බැරී...
ඔබට හැකිනම් එන්න
මගේ ආදාහනය දා හවසට
දැවී අළුවෙන සිරුරෙහි
කිසිවක්ම ඉතිරි වී නැතිවට
දකියි ඔබ ඉතිරි වූ ප්‍රේමය
දුම් බටය දිගේ යනු අහසට....
0 comments :
Post a Comment