විශේෂයෙන් මුලතිව් ප්‍රදේශය තුළ එම වෛරසය පැතිර යාම යම් කිසි වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
නමුත් එම තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වී නොමැති බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සාමාන්‍යයෙන් නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි යන කාල සීමාව තුළ ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය වැළඳුනු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන් කළේය.
සමාන්‍යයෙන් එම රෝගී තත්ත්වය දින 4 -5 අතර කාලයක් පවතින බව ඔහු කියා සිටියේය.
ඉහත කී වෛරසය වැළඳීමෙන් මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 09 දෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ සිට මුලතිව් වෙත වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යවා ඇති බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේය.
වෛරසය වැළඳීම සහ පැතිර යාම වළකා ගැනීම සඳහා සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
"විශේෂයෙන් ජනතාව වැඩි වශයෙන් සිටින ස්ථානවල අඩුවෙන් ගැවසීම, සබන් දා අත් සේදීම සහ අතිශය ජනාකීර්ණ තැනක් නම් මුඛ වාඩමක් පැළඳීම වුනත් සුදුසුයි" යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය රෝග ලක්ෂණ:
- ශ්වසන අපහසුතා
- උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව
- වියලි කැස්ස සහ හිසරදය
- ඇඟපත වේදනාව
- කෑම අරුචිය
- BBC
0 comments :
Post a Comment