වෙන පක්ෂවලින් වැඩක් නෑ, අපිට වැදගත් අපේ ජයග්‍රහණය - කබීර් හෂීම්

වෙන පක්ෂවලින් වැඩක් නෑ, අපිට වැදගත් අපේ ජයග්‍රහණය - කබීර් හෂීම්
සිරිකොත එජාප මූළස්ථානයේ අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
 
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානියා වන මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම සෙසු සාමාජිකයන්ද පිට පිට දෙවරක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද කබීර් හෂීම් මහතා පවසයි. ඒ නිසා කෙසේ හෝ යහපාලන රජය බිඳවට්ටා නැවත ශ්‍රීලනිපය හා එක්වීමට ඔවුන් උත්සාහ කරන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
 
මේ මොහොතේ එජාපයේ එකම කාර්යභාරය පක්ෂය ශක්තිමත් කිරීම හා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම බවත් වෙතන් පක්ෂ කඩා දැමීම හෝ එකතු කිරීමේ අවශ්‍යතාවයක් එජාපයට නොමැති බවත් එජාප ලේකම්වරයා ප්‍රකාශ කරයි.
 
ඉදිරි මැතිවරණයේදී එජාපය කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වී තරග නොකරන බවත් එහෙත් පක්ෂ කිහිපයක් එජාපය යටතේ තරග කිරීමට කැමැත්ත පළකර ඇති බවත් එජාප ලේකම්වරයා පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment