ක්‍රිශාන්තයි කමලනාතුයි යුද හමුදාවේ සැරයන් නිලයට බදවාගෙන.


ක්‍රිශාන්ත එරන්දක සහ අර්ජුන කමලනාත් යන කලාකරුවන් දෙදෙනා  2009 වසරේ සිට යුද හමුදාවේ ස්වෙච්ඡා බලසේනාවේ සැරයන් නිලයට බඳවාගෙන තිබූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ (13දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සෙනෙවිරත්න මහතා මේබව කීවේය.

යුද හමුදාවේ ස්වෙච්ඡා බලසේනාවේ සැරයන් තනතුරට මොවුන් බඳවාගෙන ඇති අතර,වසර 06 ක කාලයෙන් පසු 2015 වසරේදී ඔවුන් එම තනතුරින් ඉවත්කර ඇති බවද ඔහු කීය.

රණවිරුවන්ගේ දිරිගැන්වීම් සහ විනෝදාස්වාදය  සඳහා ව්‍යාපෘති යෝජනා කිරීම ඔවුන්ට පැවරී තිබූ අතර, සැරයන් නිලයට අදාළ වැටුප් ගෙවීම් සිදුකර තිබෙන බවද රොෂාන් සෙනෙවිරත්න මහතා පැවැසීය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment