මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේ වැඩ වසන නිල ආරාමයේදී මෙම පුණ්‍ය කර්මය ක්‍රියාත්මක වූ අතර මෙහිදී සියයකට අධික ප්‍රතිලාභින් සදහා ආහාර ද්‍රව්‍ය, වියළි සලාක හා මූල්‍යමය ආධාර ලබාදීම සිදුවිය.
තායිලන්තයේ නන් ලින්ග් භික්ෂුණී ආරාමයේ මෙහෙණින් වහන්සේලාගේ සහයෝගය ද මේ පුණ්‍ය කර්මය සදහා ලැබී තිබේ. ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර පවත්නා බෞද්ධාගමික බැදීම තවදුරටත් ශක්තිමත් කරමින් මෙම පුණ්‍ය කර්මය සිදුවූ අතර තායිලන්ත මෙහණින් වහන්සේලා මේ සදහා රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කොට තිබේ.
ග්‍රාම නිලධාරීන්ගේ නිර්දේශ මත සිංහළ, දෙමළ හා මුස්ලිම් ජන කොටස් මෙම සත්කාරය සදහා සහභාගීවූ අතර ඔවුන් සදහා රුපියල් දසදහසක් පමණ වටිනා වියලි සලාකයක් ද ඊට අමතරව මූල්‍යමය ප්‍රදානයන් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, ඓතිහාසික රිදී විහාර රජමහ විහාරයේ භාරකාර තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමි, මල්වතු මහ විහාර පාර්ශවයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල හිමි ඇතුලු මහා සංඝරත්නය මෙම අවස්ථාවට එක්විය.
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment