හමුදාවට ආයුධ පුහුණුව විතරක් දීලා වැඩක් නෑ - ජනාධිපති

හමුදාවට ආයුධ පුහුණුව විතරක් දීලා වැඩක් නෑ - ජනාධිපති

 

අවි ආයුධ සහ පුහුණු පමණක් ලබාදීම නවීන ලෝකය සමග ගනුදෙනු කිරීමේදී ප්‍රමාණවත් නොවන බවත් වර්තමානයට හා අනාගතයට ගැලපෙන, දියුණු රටවල ආරක්ෂක අංශ සාමාජිකයන් හා සම්බන්ද වියහැකි මට්ටමට හමුදා සාමාජිකයන් දැනුමෙන්, විශේෂඥ බවින් පරිපූර්ණ කළයුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා ඊයේ (13) සපුගස්කන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

තම රජයට ජාතික ආරක්ෂාව මෙන්ම කලාපීය ආරක්ෂාව සහ සාමකාමී බව රැකගැනීම වෙනුවෙන් දැඩි වගකීමක් තිබෙන බවත් එහිදී ආරක්ෂක අංශ සතුව විශාල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා පවසයි. එහිදී ජාත්‍යන්තර ආරක්ෂාව, ජාත්‍යන්තර සබඳතා ආදිය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයන්ගේ දැනුම වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කළයුතු බව ඔහු පෙන්වා දෙයි.

රට තුළ සහ කලාපීය වශයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් අතුගා දැමීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් සතුව දැඩි වගකීමක් ඇති බවද ජනාධිපතිවරයා පවසයි. ඒ සඳහා රටක් තනිව මුහුණදීමට වඩා සෙසු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් එවැනි නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම පහසු වන බව ද හෙතෙම පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් ජනතාව සතුවද වගකීමක් ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment