පුත්තලම නාමයෝජනා අර්බුධයක : ඒකාබද්ධයේ තවත් දෙදරුමක් අත ළඟ.


ඒ පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතරය.

ඉකුත්දා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්‍ෂයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අතර මෙම අර්බුදය හටගෙන ඇති බව පැවසේ.

මෙම අර්බුදය විසඳා ගැනීමට දෙපාර්ශ්වයම මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසට කැඳවා ඇත.

සනත් නිශාන්ත මන්ත්‍රීවරයා සිය නියෝජිතයන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කර නොමැති බවයි ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා සදහන් කර ඇත.

මේ අතර පසුගියදා ඒකාබද්ධ විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මියද ද සඳහන් කළේ සිය දිස්ත්‍රික්කය තුළ තමාට දේශපාලනය කිරීමට ඒකාබද්ධ විපක්ෂයෙන්ම බාධා සිදු කළ බවයි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයින් තෝරා ගැනීමේදී ඒකාබද්ධ විපක්ෂය තුල මෙවැනි ගැටලු සෑම කොට්ඨාශයකම පාහේ දක්නට ලැබිණ.

(මුලාශ්‍රය - නෙත් නිව්ස් )

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment