පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය නොදක්වා වෙනත් පක්ෂවල ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමෙන් පුරප්පාඩු වන ධූර සඳහා මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ පසුව සිටින අපේක්ෂකයන් ඒ සඳහා පත්කිරීමට ද තීරණය කර ඇත.
අමරවීර මහතා පවසන්නේ එවැනි තත්වයක් උදා වුවහොත් පත්කිරීමට නියමිත පුද්ගලයන් ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග්‍රහණය සඳහා කැප වී ක්‍රියා නොකරන්නේ නම් සහ වෙනත් පක්ෂවලට සහයෝගය දක්වන්නේ නම් ඔවුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සඳහා පත්වීමට නුසුදුස්සන් වන බවයි.
අදාල නිවේදනය පහතින් දැක්වේ.....
0 comments :
Post a Comment