බාල ගුවන්යානා ඉන්ධන තොගය ගොඩබෑමට සැරසෙයි.


ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉන්දියාවෙන් ගෙන්වන ලද පළමු පරික්ෂාවෙන් අසම වූ ගුවන් යානා ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම්වන බවට එහි වෘත්තීය සමිති චෝදනා කර සිටී.

එම ඉන්ධන තොගයේ දෙවැනි පරික්ෂාව සපුගස්කන්ද තෙල් පිරිපහදු පරීක්ෂණාගාරයේදී ඊයේ (16) සිදු කර ඇති අතර එම පරික්ෂාවෙන්ද එහි ප්‍රමිතිය බාල බව ඔප්පුවුවද ඛනිජ තෙල් ඉහල පාලනාධිකාරියෙන් එල්ලවූ බල පෑමක් හේතුවෙන් එම පරීක්ෂණ වාර්තාව වෙනස් කර ඇති බවට ද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

හිටපු අමාත්‍ය ස්වර්ණ ගුණවර්ධන මහතාගේ ඥාතියකු මේ වාර්තා වෙනස් කිරීමට බලපෑම් කිරීමට සම්බන්ධ බවද මේ අතර වාර්තා වේ.

දෙවැනි පරික්ෂාවට අදාළ ඉන්ධන නියැදිය ලබාගෙන ඇත්තේ ඊයේ අළුයම 4.00ට පමණය ඒ අවස්ථාවේදී අදාළ නැව පනදුරේට සැතැපුම් 20 ක් පමණ දුරින් මුහුදේ නැංගුරම් ලා තිබූ බව පැවසේ.

කෙසේවුවද, අදාළ ඉන්ධන වල රොඩු තිබීම එම ඉන්ධන තොගය ප්‍රතික්ෂේප විමට හේතුවී තිබූ අතර, මේව විට එම නැවෙන් ගෙනා ඉන්ධන තොගයෙන් මෙට්‍රික් ටොන් 7,000ක් පමණ අඩුවී ඇති බවද වාර්තා වේ.

එසේ ඉන්ධන අඩුව ඇත්තේ රොඩු තිබූ අදාළ ටැංකිවල ඉන්ධන මුහුදට හැලීම නිසා බවටද සැකයක් මේවන විට මතුව ඇතැයි පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment