කුලියාපිටියේ වොක්ස්වැගන් හීනයට මොකද වුණේ? [විශේෂ හෙළිදරව්ව]


පසුගිය වසරේ මුල්ගල තැබූ කුලියාපිටියේ මෝටර් රථ කර්මාන්ත ශාලාව මේ වන විට සුදු අලියෙක් බවට පත්ව ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ ජර්මනියේ වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් මුවාවෙන් ප්‍රසිද්ධ කල එම ව්‍යාපෘතිය හේතුවෙන් වොක්ස්වැගන් සමාගමේ මෙරට අලෙවි නියෝජිත සමාගම වූ සෙනොක් සමාගමෙහි නියෝජිතභාවය වොක්ස්වැගන් සමාගම විසින් අහිමි කිරීමයි.

කෙසේ නමුත් මේ වන විට වොක්ස්වැගන් සමාගමේ මෙරට අලෙවි නියෝජිත සමාගම ලෙස කටයුතු කිරීමේ අවස්ථාව Drive One Pvt Ltd නම් සමාගමකට හිමිව ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

එම සමාගම Audi සමාගමේ මෙරට නියෝජිත සමාගම ද වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ඉදිකිරීමට නියමිතව තිබු මෝටර් රථ කම්හල සඳහා කුලියාපිටිය, ලබුයාය ප්‍රදේශයේ පිහිටි මහා නුගලන්ද වත්තෙන් අක්කර 30 භූමි ප්‍රමාණයක් වෙන්කර තිබු අතර මෙම ව්‍යාපෘතිය සඳහා යට කල සියලු මුදල් අද වන විට ගඟට කැපු ඉණි තත්ත්වයට පත්ව තිබේ.

පැවති රජයේ දුෂණ අක්‍රමිකතා නිමා කිරීමට පොරොන්දු දෙමින් බලයට පැමිණි වත්මන් යහපාලන රජය, ජනතා මුදල් මෙසේ විනාස කිරීමට ජනතාව තවත් ඉඩ දිය යුතුද? 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment