ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ජපන් ගුවන් සේවය කැමැත්ත පළකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇති අතර, විශේෂ උපදේශකවරයාගේ අදහස් යෝජනාවලින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද දන්වා ඇත.
කටාර් ගුවන් සේවය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒකාබද්ධ කිරීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, එසේ වුවදශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කටාර් ගුවන් සමාගම කැමැත්තක් නොමැති බව දන්වා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.
ගුවන් සේවා ඒකාබද්ධ කිරීම පිළිබඳ ගිවිසුම්ගතවීමට කටාර් ගුවන් සේවයේ හිමිකරු සමග සාකච්ඡා කළද, වැඩි කැමැත්තක් නොදැක්වූ බව අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවය ඒකාබද්ධ කිරීම පිළිබඳ කටාර්හි එමීර්වරයා සමගද රජය සාකච්ඡාකර තිබේ
- සත්හඬ-
0 comments :
Post a Comment