ඒකාබද්ධයේ හතරක් එජාපයට.


ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 04 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට එක් වීමට එකඟතාව පලකර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

කලක් එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ මේ අය මෙලෙස නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ඉහළ පෙළේ සාකච්ඡා පවත්වා ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව මෙම පිරිස ඉදිරිපළාත් පාලන මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment