එජාප නාම යෝජනා තොගයක බරපතල වරදක් අසුවේ.


පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ලද නිම යෝජනාවලින් හයක් ප‍්‍රතික්‍ෂෙප කර ඇත්තේ සුළු අඩුපාඩු නිසා යයි කළුතර දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එසේ ප‍්‍රතික්‍ෂෙක වී ඇත්තේ කාන්තා අපේක්‍ෂත්වයේ යම් අඩුපාඩුවක් ඇති බවත් තවත් එකක ඇත්තේ අකුරක වැරැුද්දක් බවත් ඔහු පෙන්වා දෙයි.

නමුත් කළුතර දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලද නිම යෝජනා පත‍්‍රයන්හි පක්‍ෂයේ නම වෙනුවට ඇත්තේ ‘කබීර් හෂීම්’ යනුවෙන් බවත් මන්ත‍්‍රිවරයා කියයි.

මෙය නාම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප විය යුතු ආකාරයේ වරදක් බවත් මේ සදහා තමන්ගේ පාර්ශවය විරෝධතා ඉදිරිපත් කලද එක්සත් ජාතික පක්‍ෂය විසින් බලපෑම් කර එය යටපත් කල බවද ඔහු පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment