ස්වර්ණවාහිනියට ඉන්දියාවෙන් සල්ලි : සියතෙන් කැළුම්?


මුල්‍ය අර්බුධයකට මුහුණ දී සිටින ස්වර්ණවාහිනී නාලිකාව ඇතුළු EAP මාධ්‍යජාලය සඳහා ඉන්දියානු ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

එසේම ස්වර්ණවාහිනියේ නාලිකා ප්‍රධානි තනතුර සඳහා සියත ටී.වී. අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන කැළුම් පාලිත මහීරත්න මහතාට ආරාධනා කර ඇති බව ද වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනියේ ප්‍රධානීන් සමඟ කැළුම් පාලිත මහීරත්න මහතා පසුගිය දා සාකච්ඡාවක් පවත්වා ඇති බවත් Info Sri Lanka News වෙත වාර්තා වුව ද එම යෝජනාවට කැළුම් පාලිත මහීරත්න මහතා මුලික විරෝධයක් එල්ල කර ඇති බව ද වාර්තා වේ.

ඊට හේතුව ලෙස මහීරත්න මහතා දක්වා ඇත්තේ ස්වර්ණවාහිනී ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මහේන් පෙරේරා මහතා වෙත ඇති අකමැත්තයි.

කෙසේ නමුත් කැළුම් පාලිත මහීරත්න මහතා ඉදිරි සති කිහිපය තුල EAP මාධ්‍ය ජාලය සමඟ එක්වනු ඇති බවට මාධ්‍ය ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment