ලංකාව, චීනුන්ට කළු තේ පොවන්න යයි.


ශ්‍රී ලංකා තේවල ගුණාත්මකභාවය හේතුවෙන් මනාව මුල් බැසගත් තේ සංස්කෘතියකට උරුමකම් කියන චීනය තුළ ශ්‍රී ලංකා තේ ඇගයීමට ලක්ව ඇත.

චීන ජනතාව හරිත තේ පරිභෝජනයේ සිට කළු තේ පරිභෝජනය සඳහා නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් ශ්‍රී ලංකාවේ කළු තේ චීන වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම යෝග්‍ය බව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, මහජන චීන සමූහාණ්ඩුවේ අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, චීනයේ තේ වෙන්දේසි පැවැත්වීම සඳහා අවධෙතා ගිවිසුමකට එළඹීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment