ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට නව බැක්ටීරියාවක්

ඩෙංගු වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීමට නව බැක්ටීරියාවක්

මේ වනවිට ඩෙංගු රෝගය මෙරට ජන ජීවිතයට බලපෑම් කරන ප්‍රධානතම රෝගයක් බවට පත්ව ඇති අතර ඒ නිසා සැළකිය යුතු පිරිසක් වාර්ෂික මිය යති.

ශ්‍රී ලංකාව තුල ඩෙංගු රෝගය පැතිරවීමේ ප්‍රධාන වාහකයා වන්නේ “Aedes aegypti” මදුරු විශේෂයයි. රෝග ව්‍යාප්තිය පාලනය සදහා පවතින ප්‍රධාන ක්‍රමෝපාය වන්නේ වාහක පාලනයයි. එහිදී වඩා කාර්යක්ෂම සහ පරිසර හිතකාමී වාහක පාලනය සිදු කළ හැකි ජෛව පාලන ක්‍රමෝපායන් ඉතා වැදගත් වෙයි. එම නිසා ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් හදුන්වා දී ඇති නව බැක්ටීරියාව සමහර මදුරු විශේෂ ද ඇතුලුව ලෝකයේ කෘමි විශේෂ 60 කට වැඩි ප්‍රමාණයක ශරීර තුල හා ස්වභාවිකව ජීවත්වන බැක්ටීරියාවකි. එහෙත් මෙම බැක්ටීරියාව ප්‍රධාන ඩෙංගු වාහක මදුරු විශේෂය වන “Aedes aegypti” මදුරුවන්ගේ ශරීරිය තුල ස්වභාවිකව හමු නොවෙයි.

“Wolbachia” බැක්ටීරියාව ආසාදනය වූ මදුරුවන්ගේ ශරීරය කුල ඩෙංගු වෛරස සම්ප්‍රේෂණ මට්ටම වර්ධනය වීම අවහිර කරයි. එය මිනිස් ගහනය තුල ඩෙංගු වෛරසය පැතිරීම සැළකිය යුතු මට්ටමින් අඩු කිරිමට ප්‍රමාණවත් වෙයි.
ඩෙංගු රෝගය පැතිරීම වැළෑක්වීම සඳහා “Wolbachia” බැක්ටීරියාව ආසාධිත “Aedes aegypti” මදුරුවන් නිදහස් කිරීම ඔස්ට්‍රේලියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොළොම්බියාව යන රටවල සාර්ථකව සිදු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තෝරා ගත් ප්‍රදේශවල ක්ෂේත්‍ර මට්ටමේ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට ද මොනෑෂ් විශ්ව විද්‍යාලය කැමැත්ත පළ කර ඇත. ඒ සදහා ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ද කැමැත්ත හිමි වි තිබේ. ව්‍යාපෘතිය සදහා මුල්‍යාධාර ලබාදෙන්නේ ඔස්ට්‍රේලියානු රජය මගිනි. මෙම ව්‍යාපෘතිය අත්හදා බැලීමේ පර්යේෂණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්වය සදහා වන ජාතික, විශේෂඥ කමිටුවේ එකගතාවය ද ලැබී ඇත. ව්‍යාපෘතිය සඳහා ඔස්ට්‍රිලියානු රජය ඩොලර් මිලියනයක මුදලක් ලබාදීමට නියමිතය.

බෝවන රෝග අතුරින් පාලන කර ගැනීමට අවශ්‍ය වී ඇති ඩෙංගු රෝගය පාලනය කිරීමට සුදුසු පියවර කඩිනමින් ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඩෙංගු මර්දන ඒකකයට දැනුම් දී ඇත.

2017 වසරේ ගත වූ කාලය තුල රෝගීන් 177,000 ක් වාර්තා වී ඇත. ලබන 22 දා ජනාධිපති ඩෙංගු කාර්ය සාධන බලකාය ද රැස්වීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත නව පාසල්වාරය ආරම්භවීමට ප්‍රථමව ත්‍රිවිධ හමුදාව සහ දෙමාපියන් සහභාගි කරවා ගනිමින් මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment