ඕ ලෙවල් ගණිත ප්‍රශ්න පත්‍රයේ අසාධාරණයකට ඉඩ තබන් නෑ - විභාග කොමසාරිස්


මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට සාධන මට්ටමින් ඉහළ ප්‍රශ්න ඇතුළත් කර සිසුන් අපහසුතාවයට ලත්වූ බවට වාර්තා පළවූ අතර ඒ ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ නිවේදනය මෙසේය.
මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී සිසුන්ට දුෂ්කරතා මතුවූ බවක් ඇතැම් මාධ්‍යවලින් අනාවරණය කර තිබුණි. මෙම තත්ත්වය යටතේ සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමේ අපේක්‍ෂාවෙන් මේ පිළිබඳ අදාළ ප්‍රශ්නපත්‍ර සැකසුම් මණඩලය සමග ප්‍රධාන පරීක්‍ෂකවරුන් සහ පාසල්වල

ගණිතය විෂයය උගන්වනු ලබන ගුරුවරුන් ඇතුළුව 20 ක් පමණ වූ කණ්ඩායමක් සමග සමාලෝචනයක් කරන ලදී.
විභාගයක් අවසානයේ දී සිදුකරනු ලබන පාලක උත්තර පත්‍ර ලකුණු කිරීමේ වැඩසටහන යටතේ මෙවැන්නක් සෑම විෂයයක් සඳහාම යොදාගනු ලැබේ. මෙහිදී උත්තර පත්‍ර සාම්පලයක් පරීක්‍ෂා කිරීමද සිදුවේ. ඒ අනුව ගණිතය විෂයය සඳහා වැඩි උත්තර පත්‍ර සංඛ්‍යාවක්, සාම්පලයක් ලෙස ලබාගෙන පරීක්ෂාවට ලක්කරන ලදී. මෙහිදී අනාවරණය වූයේ මෙම ප්‍රශ්න පත්‍රයේ අපේක්‍ෂකයන්ට සමත් ලකුණු ලබා ගැනීමට දුෂ්කර වී ඇතැයි නිගමනය නොවන බවයි.
එහෙත් ප්‍රශ්න කිහිපයක අවසාන කොටස් පමණක්, හේතු දැක්වීම සහ ගැටලු විසඳීම වැනි ඉහළ මට්ටමේ කුසලතා පාදක කොට සකස් වී ඇති බැවන් ඇතැම් සිසුන්ට එම පුග්නවලට සමීපූර්ණ ලකුණු ලබාගැනීම තරමක් දුෂ්කර වීමට ඉඩ ඇති නමුත්, ඉහත තත්ත්වය යටතේ ලකුණු දිමේ පටිපාටියේ අවශ්‍ය සංශෝධන සිදුකර සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි උත්තර පත්‍ර ඇගයීමී ක්‍රියාවලිය සිදුකිරීමට පියවර ගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment