ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු විසඳන්න විශේෂ කමිටුවක්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටලු විසඳන්න විශේෂ කමිටුවක්
මෙම ත්‍රිපුද්ගල කමිටුව සඳහා පත්කර තිබෙන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාය. ගැටලු හඳුනාගෙන එම ගැටලු නිරාකරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති අතර මාස තුනක් තුළ වාර්තාවක් සකස් කිරීමට නියමිතය.
 
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් සමග අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡාවක් පැවැත්වූ අතර එම සාකච්ඡාව අතරතුරදී මෙම තීරණයට එළඹ තිබෙනවා.
 
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ලබාදෙන වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුව ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සොයා බලන බව ද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment