මුදල් විශුද්ධිකරණයට වැට; මූල්‍ය බුද්ධි ඒකකය හා පොලිසිය අතර ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණයට වැට; මූල්‍ය බුද්ධි ඒකකය හා පොලිසිය අතර ගිවිසුමක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැලැක්වීමේ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉදිරියේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂක ආචාර්ය එච්. අමරතුංග මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීය.

2006 දරණ අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව මෙය සිදු කලේය.

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අතර මෙවැනි අවබෝධතා ගිවිසුම් වලට එළැඹ තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment