ජනාධිපති කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය හොරාගෙ අම්මාගෙන් පේන අසයි !

ජනාධිපති කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය හොරාගෙ අම්මාගෙන් පේන අසයි !
එනම් රුපියල් බිලියන 2.6 කට වැඩි මුදලක් වැය කරමින් ඇමරිකා එක්සත් ජනපදයට පමණක් වලංගු වන සහතිකයක් පදනම් කරගෙන එක්තරා සමාගමකට එකී ටෙන්ඩරය පිරිනැමීමට ඔවුන් විසින් කටයුතු කර තිබීමයි. තවද මේ සඳහා ලංසු සැපයු සමාගම්වලට එකී තීරණයට තම විරෝධතා ගොනු කිරීමට දින 07 ක කාල සීමාවක් ලබාදී තිබුණු අතර එය පසුගිය ඔක්තෝබර් මස 25 වන දිනෙන් අවසන් විය.
 
ඒ අනුව මේ සඳහා ලංසු සැපයූ ආයතන 10 අතුරින් 07 දෙනෙකු තම විරෝධතා ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු අභියාචනා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. පසුව එම විරෝධතා සැලකිල්ලට ගත් අභියාචනා මණ්ඩලය විසින් එකී කරුණු විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එකී කමිටුවේ සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් රජයේ ජේෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු වන K.A.S. ගුණසේකර මහතා සභාපති ලෙසද, ලලිත් R. සිල්වා සහ A.D.S. ගුණසේකර මහත්වරුන්  සාමාජිකයන් ලෙස කටයුතු කළ අතර ඉදිරිපත් කර තිබූ අභියාචනා විමර්ශනය සඳහා ඔවුන් විසින් අභියාචනාකරුවන් හට පසුගිය නොවැම්බර් මස 16 වන දින ලබාදී තිබුනි.
 
එකී විමර්ශනය සඳහා අභියාචනා ඉදිරිපත් කළ සියලු ලංසුකරුවන් සහභාගී වූ අතර එහිදී අනාවරණය වූ සුවිශේෂී කාරණය වනුයේ ඔවුන් සියලුදෙනා විසින් තම අභියාචනා ඉදිරිපත් කර තිබුණේ අප පෙර සඳහන් කළ එකී ටැබ්ලට් පරිගණක පිරිවිතරයේ සඳහන් වූ ඇමරිකා එක්සත් ජනපදයට පමණක් අදාල සහතිකය (FCC) පදනම් කරගෙන ඔවුන් සියලුදෙනා තාක්ෂණික ඇගයීම් වාර්තාවෙන් ඉවත් කිරීමට විරුද්ධවයි. තවද විමතියට තුඩුදෙන කරුණු වනුයේ එකී සමාගම් සියල්ල අදාල ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්දක් ඇති සමාගම් වන අතර ඔවුන් සියලුදෙනා විසින් සැපයූ ටැබ්ලට් පරිගණකවලට අදාල සහතිකය නොමැතිවීමයි. එනම් එයින් ගම්‍යවන කාරණය වනුයේ අධ්‍යාපන අමාත්‍යංශ තාක්ෂණික කමිටුව විසින් පිරිවිතරයෙහි ඉල්ලා ඇති එකී සහතිකයේ යම්කිසි ගැටලු සහගත තත්වයක් පවතින බව සහ එකී සහතිකය අදාල ටැබ්ලට් පරිගණකයට අත්‍යවශ්‍යම සාධකයක් ද යන්නයි. තවද එම සහතිකය ඔවුන් විසින් ටෙන්ඩරය ප්‍රදානය කිරීමට තෝරාගෙන ඇති METROPOLITAN සමාගම විසින් මෙරටට ගෙන්වන ටැබ්ලට් පරිගණකවලට පමණක් තිබීමද මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය කෙරෙහි යම් ගැටලුකාරී තත්වයක් ඇති කරයි.
 
මෙලෙස ලංසුකරුවන් හට ඇති ඉහතින් සඳහන් කළ ගැටලුවලට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ඔවුන් විසින් අභියාචනා මණ්ඩලයට එදින තම ගැටලු ඉදිරිපත් කළ අතර එකී ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව ඒ දෙස සාවධානයෙන් ඇහුම්කන් නොදීම සහ ඔවුන් හට එකී ක්ෂේත්‍රයේ ඇති පළපුරුද්ද ගැන අභියාචනාකරුවන් හට මේ වන විට මහත්  සැකයක් මතුව ඇත. එය තවත් අකාරයකින් විග්‍රහ කළහොත් අදාල අමාත්‍යංශයෙහි පැවැති විමර්ශන වාර්තා ඍජුව නැවත ඔවුන් වෙතම ලබාදී අදාල කරුණු විමසා අවසාන වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ලබා දීම විමර්ශන කමිටුව විසින් කටයුතු කිරීමය. එහිදී ඒම වාර්තාවල නිරවද්‍යභාවය පිළිබඳ ගැටලු පැනනගින අතර එනම් අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයහි පිහිටුවා ඇති එකී අභියාචනා මණ්ඩලයෙන් මෙවැනි මහා පරිමාණ අක්‍රමිකතාවලදී අභියාචනාකරුවන්ට සාධාරණයක් ඉටුවනවාද යන්නයි. 
 
මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයේදී අපට අනාවරණය කර ගත හැකිවූයේ සියලු ක්ෂේත්‍රයන්හි සිදුවන මෙවැනි අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට මෙම නිලධාරීන් තිදෙනා පමණක් යොදා ගන්නා බවත් ඔවුන් හට සියලු ක්ෂේත්‍රයන්හි පළපුරුද්ද නොමැතිකමින් පසුගිය කාලවලදී ඔවුන් විසින් ලබාදී තිබු තීරණ සියල්ල සාධාරණ සහ අපක්ෂපාති නොවන බවයි. තවද එම නිසා රටේ මහජන මුදල් මහා පරිමාණයෙන් වංචා සහගතව අදාල අමාත්‍යංශ නිලධාරීන් විසින් අවභාවිතා කරන බවත්ය.
 
තවද මෙවැනි අක්‍රමිකතා විමර්ශනයේදී සිදුකළ යුත්තේ අදාල විමර්ශන වාර්තා ස්වාධීන කමිටුවක් වෙත ලබාදී ඔවුන්ගේ අපක්ෂපාති තීරණය ලබාගැනීම වන අතර එමගින් දේශීය සැපයුම්කරුවන් දිරිමත් කිරීමය. එමනිසා  ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය ආරක්ෂා වන අතර දැනට රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන වංචා දූෂණ බොහොමයක් අවම කරගත හැකි වනු ඇත.
 
දැනට පවතින  අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු අභියාචනා මණ්ඩල විමර්ශන කටයුතු සිදුකරන ක්‍රමවේදය තුල රාජ්‍ය නිලධාරීන් ඉතා සුක්ෂම ලෙස තම අභිමතාර්ථයන් සැපයුම්කරුවන් නොමග යවා සිදුකර ගන්නා අතර එය කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු හා සමානය.
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment