ලොව විශාලතම නත්තල්ගසේ ගිනස් වාර්තාව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වේ


"ලොව විශාලතම නත්තල් ගස" ඉදිකිරීම පිළිබද ගිනස් වාර්තාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීමේ විශේෂ උත්සවය අද (13) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පසුගිය 2016 වසරේ ලෝකයේ ලොකුම කෘතීම නත්තල් ගස ඉදිකිරීමෙන් ගිනස් වාර්තාවක් තැබීමට හැකි වූවා සේම ඒ තුලින් ශ්රී  ලංකාවේ සමගිය පිළිබඳ වාර්තාවක් තැබීමට සමත්වූ බව අග්රාටමාත්යම රනිල් වික්රීමසිංහ මහතා අද (13) අරලියගහ මන්දිරයේ පැවැති ලොව විශාලතම නත්තල් ගස ඉදිකිරීම පිළිබඳ ගිනස් වාර්තාවේ සහතිකය පිළිගැන්වීමේ උත්සවයේදී පැවැසීය.

නත්තල සමරන බහුතරයක් ජනතාව නොමැති රටක් වන අප රටේ මෙවැනි විශාල නත්තල් ගසක් ඉදිවීම විශේෂත්යක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, සිංහල බෞද්ධ බහුතරයක් සිටින රටක් වුවත්, සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලූ  ජනතාව මේ සඳහා සහයෝගය දැක්වූ බව සිහිපත් කළේය.

ලොව විශාලතම නත්තල් ගස ඉදිකිරීම පිළිබඳ ගිනස් වාර්තාවේ සහතිකය අග්‍රාමාත්‍ය රනිල් වික්රිමසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදු කරනු ලැබූයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්යය අර්ජුන රණතුංග මහතා විසිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ එම නත්තල් ගස ඉදිකළ  වරාය අධිකාරියේ සේවකයින් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment