ඩිජිටල් ඇමතිකමෙන් හරීන් ඉවතට : ටෙලිකොම් CEOත් ඉල්ලා අස්වේ.

ජනතාවට වැඩ කළ හැකි අමාත්‍යාංශයක් ඉදිරියේදී තමන්ට ලැබෙන බවත්, එබැවින් පාක්‍ෂිකයන් කලබල නොවිය යුතු බවත් විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ බදුල්ල මහනගර සභාවට, බදුල්ල ප්‍රාදේශීය සභාවට හා ලුණුගල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා බාරදීමෙන් පසු ඊයේ (13දා) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"මට ලැබුණු අමාත්‍යාංශය ගැන කලබල වෙලා ඉන්න පාක්ෂිකයන්ට මම අද කියනවා කලබල වෙන්න එපා,ඉස්සරහට හොඳ ආරංචියක් ලැබෙයි. වැඩ කරන්න පුළුවන් හොඳ අමාත්‍යාංශයක් සමග ඉස්සරහට එනවා."

ටෙලිකොම් ප්‍රධාන විධායක ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක දිලීප විජේසුන්දර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මෙම වසරේ ලාභය විශාල ලෙස පහල වැටීම සම්බන්ධයෙන් සභාපති කුමාරසිරි සිරිසේන මහතා සමග බහින්බස් වීමක් නිසා ප්‍රධාන විධායකවරයා මෙම තීරණයට එළඹී තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය ඔහුගෙන් කළ විමසීමකදී විජේසුන්දර මහතා පවසා ඇත්තේ ‘තම නව කළමණාකාර විධික්‍රම සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය නොලද බැවින් මෙම වසරේ ලාභය විශාල ලෙස පහත වැටීමේ වගකීම තමා භාරගන්නා බවත් යල්පැන ගිය 21 වැනි සියවසට නොගැලපෙන ව්‍යාපාරික ක්‍රමවේදයන් මතම සභාපතිවරයා හා අධ්‍යක්ෂක මණ්ඩලය පූර්ණ විශ්වාසය තබා ඇති තත්වයක් තුළ තවදුරටත් තමන්ට ප්‍රධාන විධායක ධූරයේ ක්‍රියාකිරීමට අපහසු බැවින් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment