රුවන් ප්‍රදිනැන්දිස් ගැන CID පරීක්ෂණයක් : තනතුරිනුත් ඉවතට


සිය පෞද්ගලික ලේකම් රුවන් ප්‍රදිනැන්දිස් මහතා මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා පැහැරගෙනයාමේ සිද්ධියට සම්බන්ධදැයි සොයා බලන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ඒ මහතා මෙම ඉල්ලීම කර ඇත්තේ “ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනයට වෙබ් මාෆියාකරු රුවන් සම්බන්ධයි” යන සිරස්තලයෙන් ලංකා ඊ නිවුස් පලකර ඇති ලිපිය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණයක් පවත්වන ලෙසට සමරවීර මහතාගෙන් සිය ලේකම් ප්‍රදිනැන්දිස් මහතා කර ඇති ලිඛිත ඉල්ලීමකට අනුවය.

එම ලිඛිත ඉල්ලීම කර ඇති ප්‍රදිනැන්දිස් මහතා රහස් පොලිස් විමර්ශනයේ අපක්ෂපාතීත්වය සලකා ඊට අදාල විමර්ශන අවසන් වන තෙක් සිය ධූරයෙන් තාවකාලිකව ඉවත්වී සිටීමටද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා තිබේ.

ඒ අනුව ප්‍රදිනැන්දිස් මහතා අදාළ ධූරයෙන් තාවකාලිකව ඉවත්ව රුසියාවට ගොස් ඇති බවද වාර්තා වේ.

අදාළ ලිපිය පහත දැක්වේ.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment