සා. පෙළ විභාග වංචා ගැන CID පරීක්ෂණ !

සා. පෙළ විභාග වංචා ගැන CID පරීක්ෂණ !
මෙම ශිෂ්‍යයන් දෙදෙනාම දෙවන වර විභාගයට පෙනී සිටින්නන් බව  සඳහන්. එම අවස්ථාවේදීම ශිෂ්‍යයන්ගේ ජංගම දුරකථන හා උත්තර පත්‍ර  ශාලාධිපතිවරුභාරයට ගෙන ඇත. නාරාහේන්පිට ප්‍රදේශයේ සිසුවා පෙනී සිට ඇත්තේද ගණිතය විෂය සඳහා පමණි. අනුරාධපුර ප්‍රදේශයේ සිසුවා ප්‍රශ්න වයිබර් තාක්ෂණය හරහා යවා ඇත්තේ තරුණියකට වන අතර ඇයවද මේවන විට හඳුනා ගෙන තිබේ. 
 
සිදුවීම් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට ශාලාධිපතිවරු කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදීම විභාගයට පෙනී සිටීම ශිෂ්‍යයන් දෙදෙනාටම තහනම් කර තිබේ. මෙම විභාග වංචා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.
 
කිසිඳු ආකාරයක විභාග වංචාවක් සිදු නොකරන  ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට උපදෙස් දී ඇති නමුත් එහි බරපතලකම වටහා නොගෙන එවැනි ක්‍රියා සිදු කිරීමෙන් ඉදිරි විභාග අවස්ථාද අහිමි විය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
 
ආශිකා බ්‍රාහ්මණ 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment