සවුත්තු වැඩකට මරික්ස්ට මලපනී [Gossip]


අලි පාටියෙ නාමයෝජනා කස්ටිය කොළඹ දිසාවෙ ලැයිස්තු හදන්න රැස්වෙලා හිටිය. කොළඹ මැතිවරණයෙදි මුස්ලිම් ජාතික ඡන්දවලට වැඩි තැනක් තියන නිසා මුස්ලිම් මැති ඇමැති කස්ටිය හැමෝම තම තමන්ගෙ අපේක්ෂක ගොඩ වැඩිකරගන්නයි ට්‍රයි කළේ...

අපේක්ෂකයො බෙදාගන්න සටනෙදි මුස්ලිම් කොංග්‍රසේ මහ උදවිය තමන්ට වැඩි අපේක්ෂක පිරිසක් ලබාගන්න ඔට්ටු වුණා. මෙතෙන්දි කොළඹ දිසාවෙ මරික්ස් මන්තිරි තැන කොංග්‍රස් කස්ටියත් එක්ක සටනක පැටලුණා කියලා ආරංචියි...

මල පැනපු මරික්ස් කොංග්‍රසේ ලොක්කන්ට එතෙන්දි අගමුල මතක්වෙන කතාවක් කිව්වලු... ඔහේල හිතන්නෙ රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු සේරම කොංග්‍රසේ කියලද.. සිංහල දෙමළ මිනිස්සු එක්ක ඉන්න යූ.එන්.පී. මුස්ලිම් මිනිස්සු අමතකද? මරික්ස් ප්‍රශ්න කළා.

ඊටපස්සෙ කොංග්‍රස් කස්ටිය මුස්ලිම් ජනතාවගෙ අයිතින් රැකගන්න එයාලත් සටන් කරන බව කියමින් තමන්ගෙ තර්ක සාධාරණීකරණය කරන්න පටන්ගත්තලු... එතකොට කේන්තිය ඉහවහ ගිය මරික්ස් ආයෙම මෙහෙම කිව්වලු. අනේ මේ වැඳල කියන්නම් කොළඹ ඉන්න සිංහල මුස්ලිම් දෙමළ මිනිස්සු ජාතිවාදයක් නැතුව සමගියෙන් ඉන්නව... ඔයාල නැගෙනහිර පළාතෙ යූ.ඇන්.පියට කරපු සෙල්ලම් මෙහේ කරන්න එන්න එපා... ජාතිවාදී දේසපාලනේට ආවොත් කාට කාටත් හොඳ පාඩම් ඉගනගන්න වේවි... ඒක හින්ද ඔය සෙල්ලමට නම් එන්න එපා. ඕවා මහ සවුත්තු වැඩ... මරික්ස් ඝෝෂා කළා.

අන්තිමට නාමයෝජනා මණ්ඩලේ කචල් බේරන මණ්ඩලයක් බවට පත්වුණා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment