පොලිසිය පවසන්නේ බඩේ බැඳගත් බෝම්බයක් පුපුරුවා හැරීම මගින් ඊයේ උමං ජල නළයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැක ඇති කරන බවයි. ඔහුට ISIS සංවිධානය, සිරියාව සහ ඉරාකයේ අන්තවාදී ව්‍යාපාරවලින් උත්තේජනය ලත් අයෙකු වුවත් එම සංවිධාන සමග ඔහුට සෘජු සබඳතා ඇති බව මෙතෙක් හෙළි වී නැත. ඒ අනුව ඔහු මෙම ප්‍රහායේදී ක්‍රියාකර තිබෙන්නේ තනිවම බව ද සොයාගෙන තිබේ. ඒ අනුව ඔහු, පසුගිය කාලයේ ඇමරිකාවෙන් සහ යුරෝපයෙන් වාර්තා වු තනිව ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදෙන අයෙක් හෙවත් ‘හුදෙකලා වෘකයෙක්’ (Lonely Wolf) වශයෙන් හඳුනා ගැනෙයි.
මීට පෙර අපරාධ කළ අයෙකු ද නොවන මෙම තරුණයා, 2012-2015 අතර කාලයේ නිව්යෝක් ටැක්සි රථ රියැදුරෙකු වශයෙන් කටයුතු කර තිබේ. එහෙත් 2015 වසරෙන් පසු ඔහු සිය කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍රය අලුත් කරගෙන නැත. නමුත් ඔහු දිගින් දිගටම කහ පැහැති කුලී රථ පැදවීමේ නිරතව සිටි අයෙකු ලෙසට ද හඳුනාගෙන ඇත. විශ්වාස කෙරෙන්නේ නත්තල් කාලය ඉලක්ක කරගෙන, සිවිල් ජන ජීවිතවලට උපරිම හානියක් සිදුකිරීමේ අරමුණින් මෙම ‘ත්‍රස්ත ප්‍රහාර තැත්කිරීම’ සිදුකරන්නට ඇති බවයි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment