අවසන් ප්‍රතිඵලයට දේශපාලන පක්ෂ වගකිව යුතුයි, දූෂිතයන්ට ලැයිස්තුවේ ඉඩ දෙන්න එපා - මාර්තු 12 ව්‍යාපාරය

අවසන් ප්‍රතිඵලයට දේශපාලන පක්ෂ වගකිව යුතුයි, දූෂිතයන්ට ලැයිස්තුවේ ඉඩ දෙන්න එපා - මාර්තු 12 ව්‍යාපාරය
මනාප ක්‍රමය අහෝසි වන හෙයින් ජනතාවට තෝරාදීමට ඇත්තේ අදාළ පක්ෂය වන අතර නියෝජිතයන් තේරීමේ වගකීම ඇත්තේ දේශපාලන පක්ෂවලට බවයි හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ. මැතිවරණ ක්‍රමය වෙනස් වීමෙන් සභික සංඛ්‍යාවද වැඩි වී ඇති අතර ඒ සියලු දෙනා නඩත්තු වන්නේ ජනතා බදු මුදලෙන් වන හෙයින් වසර හතර අවසන් වන විට ඔවුන්ගෙන් සාධනීය වැඩකොටසක් සිදුවී තිබිය යුතු බව ඔහු අවධාරණය කළේය. එසේ නොවන්නේ නම් එය ජනතා අභිලාෂයන් ඉවත දැමීමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. 
 
කාන්තා නියෝජනය තෝරා ගැනීමේදී හිතවත්කම් පසෙකලා නිර්මාණශීලි කාන්තාවන් මැතිවරණයට ඉදිරිපත් කළ යුතු යැයි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. එය අල්ලස දුෂණය අවම වී අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ග්‍රාමීය ගැටළු රැසක් නිරාකරණය කර ගැනීමට එය  මඟක් වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. මේ අතර නියෝජිතයන් නම් කිරීමේදී වංචනිකයන් දුෂිතයන් ලැයිස්තුවලින් ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු අතර එසේ නොවන්නේ නම් සාක්ෂි සහිතව එවන් පුද්ගලයන් පිළිබඳ අනාවරණ කරන බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment