50% ක පෙළපොත් කප්පාදුවෙන් සිසුන් සහ ගුරුවරු දැඩි අපහසුතාවට

50% ක පෙළපොත් කප්පාදුවෙන් සිසුන් සහ ගුරුවරු දැඩි අපහසුතාවට
2018 වසරේ සිට 9 ශ්‍රේණියට නව විෂය නිර්දේශයක් ලබාදෙන අතර එම විෂය නිර්දේශයට අදාළ පෙළ පොත් පාසල්වල නොමැත. එවිට 50% ක් වූ පෙළපොත් 9 ශ්‍රේණියේ සිසුන්ට ලබාදීම බරපතල ගැටලුවක් සේම සිසුන් ද දැඩි පීඩාවකට පත් කිරීමකි. 
 
ප‍්‍රාථමික පාසල්වල 2017 වසරේ දී 5 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් 2018 වසරේ දී 6 ශ්‍රේණිය සඳහා නව පාසලකට ඇතුළත් වේ. එම සිසුන්ට ඔවුන් අධ්‍යාපනය ලැබූ ප‍්‍රාථමික පාසලෙන් 6 ශ්‍රේණියට අවශ්‍ය නව පෙළපොත් ලබාදිය යුතුය. මෙම 50% ක පෙළපොත් කප්පාදුව නිසා 5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට යන සිසුන්ට පෙළපොත් නොලැබීමේ තත්වයක් මේ වන විටත් උද්ගත වී ඇත. මෙය බරපතල ගැටලූකාරී තත්වයකි. 
 
මහජන මුදලින් රුපියල් මිලියන 2500 ක් පෙළපොත් මුද්‍රණයට වියදම් කර මේ ආකාරයෙන් පාසල් දරුවන්ට ලබාදෙන පෙළපොත් ප‍්‍රමාණය 50% ක සීමා කර ඉතිරි පොත්වලින් කුමක් කරන්නේද යන්න බරපතල ගැටලූවකි. පසුගිය වසර කිහිපයක සිට පෙළ පොතේ මිල පොතේ මුද්‍රණ කර ඇති ලෙසම මෙවරත් මිල මුද්‍රණය කර ඇති අතර, අලූත් පොත් 50% ක් ලබාදීම තුළ ඉතිරි ඒවා මිලදී ගත යුතු බවට ඉගි කිරීමක් මෙහි ගැබ්ව තිබීම නොවැලැක්විය හැකි තත්වයකි. මෙම තත්වය පාසල් සිසුන්ට නොමිලේ ලබාදුන් පෙළපොත මුදලට ලබාදීමේ සැලසුමක ආරම්භයකි. මෙලෙස විවිධ ක‍්‍රම උපයෝගී කර ගනිමින් පාසල් දරුවන්ට නොමිලේ ලබාදෙන පෙළපොත කප්පාදු කිරීම වහා අත්හිටුවා සියලූම පාසල් දරුවන්ට නොමිලේ පෙළපොත් ලබාදීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත්, තුන්වන පාසල්වාරය අවසන් වීමට පෙර ලබාදිය යුතු පාසල් පෙළපොත්  එළඹෙන පාසල් වාරය ආරම්භයේදීම කඩිනමින් ලබාදී බාධාවකින් තොරව අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පාසල් සිසුන්ට අවස්ථාව සලසන ලෙසත් ලංකා ගුරු සංගමය ආණ්ඩුවට බලකර සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment