සීට් පටි, එයාර් බෑග් නැති මෝටර් රථ ආනයනය ජූලි 01 සිට තහනම්

සීට් පටි, එයාර් බෑග් නැති මෝටර් රථ ආනයනය ජූලි 01 සිට තහනම්

අයවැයෙන් යෝජනා කරන ලද වාහන ආරක්ෂක පද්ධති සහ වායු විමෝචන ප්‍රමිතීන් වලට අනුගත වීම සඳහා යම් කිසි කාලයක් අවශ්‍ය බවට වාහන ආනයනය කරන්නන්ගේ සහ නිෂ්පාදකයන්ගේ කළ ඉල්ලීම සලකා බලා එම යෝජනා ක්‍රියාත්මක වන දිනය ජුලි 01 දක්වා කල් දැමූ බව මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

වායු විමෝචනයේ ප්‍රමිතිය Euro IV ට හෝ එයට සමාන ප්‍රමිතියක නැති වාහන ආනයනය කිරීම අදාළ දිනයේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

ඒ අනුව රියදුරු සහ ඉදිරි අසුන් සඳහා එයාර් බෑග් සහ සීට් පටි, ඇන්ටි ලොකින් තිරිංග පද්ධතිය, රියදුරු සහ ඉදිරි අසුනේ ගමන් කරන්නන් සඳහා ත්‍රී පොයින්ට් සීට් පටි ( අමතර ෂීට් එක හැර) ආදිය ආනයනය කරන වාහන සඳහා තිබීම අනිවාර්ය කෙරේ.

මෙම නීති තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව වාහන ආනයනය කරුවන්ට සහ අදාළ කණ්ඩායම්වලට අමාත්‍යංශය විසින් දන්වා සිටී.

ඒ ඒ මෝටර් රථ වර්ග සඳහා වූ ප්‍රමිතිය අදාල නීති ක්‍රියාත්මක කරන්නන් විසින් නුදුරුරේදී දැනුම් දෙනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment