CIA රහස් ඔත්තුකරුවෙක් ඩාවින්චි සිතුවම් මුර කරලා.

CIA රහස් ඔත්තුකරුවෙක් ඩාවින්චි සිතුවම් මුර කරලා.

මේ පින්තූරයේ සිටින නිල් පැහැති ටයි පටියක් පැළඳගත් මිනිසා හොංකොං හි ක්‍රිස්ටීස් කලාගාරයේ සේවයේ නියුතු ව සිටි ආරක්ෂක භටයෙකි. ඔහු ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA හි අතීතයේ සේවය කළ අයෙක් බව හොංකොං පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.
ඔහුගේ නම ජෙරී චුන් ෂින්ග් ලී බව ද හොංකොං පොලිසිය පවසයි. පින්තූරයේ දැක්වෙන්නේ සුප්‍රකට ඩාවින්චි සිතුවමක් වන ‘සැල්වතෝර් මුන්ඩි‘ සිතුවම නිරාවරණය කළ අවස්ථාවේදී ඔහු සේවයේ යෙදී සිටි ආකාරයයි.සැල්වතෝර් මුන්ඩි සිතුවම මහා චිත්‍රශිල්පී ලියනාඩෝ ඩාවින්චිගේ අගනාම නිර්මාණයක් සේ සැලකෙයි. වමතින් පාරදෘෂ්‍ය පළිඟු බෝලයක් ගෙන සිටින උත්ථානයට පත් ජේසු ක්‍රිස්තුතුමාගේ රුවක් එහි දැක්වේ.

පසුගිය සතියේ මුල ඔහු ව අත්අඩංගුවට ගනු ලැබුවේ ඇමරිකාවේ ජෝන් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිටියදී ය. ඒ, චීන රහස් ඔත්තුකරුවන්ට උදව් කිරීමේ චෝදනාව මත ය.

මෙම සී අයි ඒ රහස් ඔත්තුකරුවා උපතින් ඇමරිකානු පුරවැසියෙකි. තවද ඔහු හොංකොං පදිංචිකරුවෙකි. 53 හැවිරිදි ඔහු මෙයට පස් වසරකට පෙර චීනයේ බීජිං හි සිදුවූ සාහසික අපරාධ ජාලයකට සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. අතීතයේ සීඅයිඒ සංවිධානයට සම්බන්ධව සිටි මේ තැනැත්තා විසින්, චීනය තුළ සිටින තොරතුරු සපයන්නන් සහ චීනය තුළ ක්‍රියාත්මක වූ සී අයි ඒ සංවිධාන ජාලය බිහිසුණු අන්දමින් මර්දනය කළ තැනැත්තා වශයෙන් හඳුනාගෙන තිබේ.

ක්‍රිස්ටීස් කලාගාරයෙන් මේ පිළිබද කළ විමසීමේදී ඔවුන් කියා සිටියේ තමන් විසින් හොංකොං ජාතික සේවකයෙක්, අපරාධ විමර්ශනයක් පැවැත්වෙමින් තිබීමේ කාරණය මුල්කරගෙන සේවයෙන් පහ කළ බවයි. මේ අතර සවුත් චයිනා මෝනින් පෝස්ට් පුවත්පතට අනුව ජෙරී විසින් හොර සිගරට් තොගයක් හොංකොං හි සිට ජපානය වෙත යැවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත් වූ අයෙකි. මේ අනුව ජෙරී චුන්ග් නැවත ඇමරිකාවට යන්නට ඇත්තේ හොංකොං හි පොලිස් ඇසෙන් බේරීමට බවට සැක පළ කෙරේ. නමුත් අවසානයේදී සිදුවී තිබුණේ ඇමරිකාවේදී ඔහු වෙනත් අතීත වරදකට සැක පිට අත්අඩංගුවට පත්වීමයි.

ක්‍රිස්ටීස් කලාගාරය පවසන අන්දමට ගතවූ මාස 20 ක කාලයක් ඔහු එම කලාගාරයේ සේවය කර ඇත. 80 දශකයේ ඇමරිකානු හමුදාවේ සේවය කිරීමෙන් පසු 13 වසරක් සී අයි ඒ සංවිධානයේ සේවය කළ ඔහු එයින් ඉවත් ව තිබෙන්නේ 2007 වර්ෂයේ ය. ඒ, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ තොරතුරු පිට කිරීම පිළිබඳ චෝදනාවකින් පසු, දැඩි අවවාද කිරීම්වලින් අනතුරුව ය.

ඔහුට භාරව තිබී ඇත්තේ ක්‍රිස්ටීස් කලාගාරයේ සහ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමයි. කෙසේ නමුත් මේ තැනැත්තාගේ නම හෙළි නොකිරීමට ද ක්‍රිස්ටීස් කලාගාරය කටයුතු කර තිබිණි.

එසේම ඔවුන් තවදුරටත් අනාවරණය කළේ, වාසනාවකට මෙන් මෙම තැනැත්තා කලාගාරයේ දත්ත ආරක්ෂණ බැංකුවල හෝ තොරතුරු තාක්ෂණ අංශවල සේවය නොකළ බවයි.

පසුගිය වසරේ ජාත්‍යන්තර ටයිම් සඟරාව හෙළි කළේ 2010 සිට 2012 වසර දක්වා කාලය තුළ චීනය තුළ සිටි සීඅයිඒ සංවිධානයට සම්බන්ධ වූවන් දොළොස් දෙනෙකුට වඩා අබිරහස් ලෙස ඝාතනයට ලක්ව තිබේ. ඇතැම්විට මේ ඝාතන පිටුපස සිටි ප්‍රධාන චරිතයක් වූයේ ඩාවින්චි සිතුවම මුර කළ මේ තැනැත්තා විය හැකිය.

- අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment