විදුහල්පතිනිය දණ ගැස්වීමට එරෙහිව මානව හිමිකම් පරීක්ෂණයක්

විදුහල්පතිනිය දණ ගැස්වීමට එරෙහිව මානව හිමිකම් පරීක්ෂණයක්

 

අදාළ විදුහල්පතිනියගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් මානව හිමිකම් කොමිසම පවසයි.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියකට ළමයකු පාසැලට ඇතුළත් කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනියට මෙසේ තර්ජනයට ලක්වීමට සිදුව ඇත.

2018 ජනවාරි 02 වන දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේදී තමන් ප්‍රධාන අමාත්‍යවරයාගේ තර්ජන හමුවේ ඔහු ඉදිරියේ දණගසා සමාව ගත් බව විදුහල්පතිනිය ඊයේ (19) අනාවරණය කළාය.

තමන්ට ප්‍රධාන අමාත්‍යවරයාගෙන් තර්ජනයක් එල්ල නොවූ බව මීට පෙර ප්‍රකාශ කළත් තමන් එම ප්‍රකාශය කළේ ද තමන්ට එල්ල වූ තර්ජන හේතුවෙන් බව ඊයේ දිනයේදී විදුහල්පතිනිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment