අද සිට තැබෑරුම් වහන්නේ රෑ 8 ට නෙමෙයි 10 ට


දේශීය හා විදේශීය මත්පැන් අලෙවි කරන ස්ථාන අද සිට පෙරවරු 8.00 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තැබීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඊට අදාළ සුරාබදු ආඥා පනතට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (11දා) අස්සන් කළ බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.
ඒ අනුව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන පෙ.ව. 8 සිට රාත්‍රි 10 දක්වා විවෘතව තිබේ. මීට පෙර එම

අලෙවි සල් රාත්‍රි 8.00ට වසනු ලැබීය.

විදේශ මත්පැන් තැබෑරුම්, සංචාරක අනුමැතිය රහිත හෝටල්, සිනමා ශාලා, පරිශ්‍රය තුළදී භෝජනය කරන බියර්, ස්ටවුට් හා වයින් බලපත්‍ර දුම්රිය ආපන ශාලා බලපත්‍ර, සමාජ ශාලා බලපත්‍ර හිමි ස්ථාන පෙ.ව. 11 සිට ප.ව. 10.00 දක්වා විවෘතව තබයි. රා තැබෑරුම් විවෘතව තබන්නේ පෙ.ව. 11 සිට ප.ව. 9.00 දක්වාය.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත හෝටල් බලපත්‍ර පෙ.ව. 11.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 හෝ අවශ්‍යතාව මත අලුයම 2.00 දක්වාද විවෘතව තබයි.
සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත ආපන ශාලා බලපත්‍ර හිමි ආයතන සහ තානායම් පෙ.ව. 11.00 සිට රාත්‍රි 11.00 දක්වාද විවෘතව තැබේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment