මහින්ද තුන් පාරක් අසමත් - මෛත්‍රී

මහින්ද තුන් පාරක් අසමත් - මෛත්‍රී
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේ යහපාලන රජය අසමත් වී ඇති බවයි. සංවර්ධනය ඇණහිට ඇති බවත් ජනතාවට සහන සැලසීමට රජය අසමත් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී ඔහුට පිළිතුරු ලෙස මෙම අදහස් ප්‍රකාශ කළේය.
 
රාජපක්ෂ මහතා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝගවලට මුහුණ දිමට අසමත් වූ බවත් ඒ නිසා වසර දෙකකට කලින් ජනාධිපතිවරණය කැඳවූ බවත් සිරිසේන මහතා පවසයි. පරාජයවීමට බියෙන් ජනාධිපතිවරණය කලින් කැඳවුවද එය ජයග්‍රහණය කිරීමට ඔහු අසමත් වූ බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
 
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබිය යුතු තැන ජනතාව විසින් ලබාදෙනු ඇති බවත් එය හිටපු ජනාධිපතිවරයාගේ සිව්වැනි පරාජයට වනු ඇති බවත් සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment