ගායක සීල් තමාට අතවර කළැයි හොලිවුඩ් නිළි ට්රේසිගෙන් චෝදනා



එක්සත් රාජධානියේ ප්‍රකට ගායකයෙකු වන සීල් විසින් ලිංගික හිංසන සිදුකළේ යයි හොලිවුඩ් නිළියක කළ චෝදනාවක් මත පරීක්ෂණයක් අරඹා ඇතැයි වාර්තා වේ.

හොලිවුඩ් ක්ෂෙත්‍රයේ ලිංගික හිංසන ගැන මේ දිනවල කතාබහක් මතුව ඇති අතරේ මෙම සිද්ධිය විදෙස් මාධය ඉහළින් වාර්තා කර ඇත.
ට්රේසි බින්ඩ්සෝල් (54) නමැති මෙම නිළිය හොලිවුඩ් ඕපාදූප වෙබ් අඩවියක් වන ටී.එම්.ඉසෙඩ් වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ ලොස් ඇන්ජලීස්හි සිටි කාලයේ තමාගේ කිට්ටු මිතුරෙකු සහ අසල්වැසියෙක් වූ ගායකයා අස්වාබාවික තමා හමුවට පැමිණ සිඹීමට  උත්සාහ කළ බවයි.

"ඔබ මේ මොනවද කරන්නෙ හදන්නෙ“ කියා මං ඇසුවා එවිට ඔහු කියා සිටියේ "මම ඔබ සිඹීමි මට ඉඩ දෙන්න කියා" යැයි ඇය චෝදනා කරන අතර ඇගේ ඇඳුම් උනා දමන්නකට ඔහු උත්සාහ කළ බවද වෙබ් අඩවියට පවසා තිබේ.
ගායක සීල්ගේ සැබෑ නම හෙන්රි ඔලුසෙගාන් ඇඩියොලා සැමුවෙල් වන අතර මෙම සිද්ධියෙන් පසු ඔහු ඇය සමඟ සියලු සම්බන්ධකම් අත්හැරිය බවද දන්වා තිබේ.
ලොස් ඇන්ජලීස් ෂෙරීෆ් දෙපාර්තමේන්තුමේන්තුවට ඇය පැමිනිල්ල යොමු කර තිබෙන අතර ඒ ගැන විමර්ශනය කරන බව ඇය දන්වා ඇත.
සීල් මේ ගැන ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ වසරකටත් පෙර වූ සිද්ධියක් ඇදගෙන ඇය කතාකරන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධියක උවමනාවට බවත් එවැනි දෙයක් සිදුවී නැති බවත්ය





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment