අම්බලන්ගොඩ - බටපොල මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් 05 ක් පමණ ගියවිට ධම්මිකපුර නිවාස යෝජනා ක්‍රමය හමු වේ. එය නිවාස 68 කින් සමන්විතය. සුනාමියෙන් නිවාස අහිමි වූ අම්බලන්ගොඩ, හිරේවත්ත හා පටබැදිමුල්ල ප්‍රදේශයේ පවුල් 68 ක් මෙහි පදිංචි කර තිබේ.
මෙම පවුල් 68 න් 50 කට අධික ප්‍රමාණයක් ධිවර පවුල්ය. හිරේවත්ත හා පටබැදිමුල්ල ධීවර ගම්මාන වුවත් ඒවා පිහිටා තිබුණේ අම්බලන්ගොඩ නගරයට ඉතා ආසන්නයේය. ඒ නිසාම ඔවුන්ගේ දරුවන්ට නගරයේ ජනප්‍රිය පාසල් ලැබුණි. නගරයෙන් ඈතට පැමිණීම නිසා සිය දරුවන්ට නිශ්චිත පාසලක් නොමැතිවීම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවයි. සිය දරුවන් හෝ තමන් කරන රැකියාවෙන් ඔබ්බට ගෙන යෑමට තිබූ එකම මාර්ගයද ධම්මිකපුරට පැමිණීමෙන් තමන්ට අහිමිවී ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.
ගම්මානය සඳහා යොදාගෙන ඇත්තේ වසාදමන ලද තල්ගස්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ පාසල් භූමියයි. එහි අඩක් ගරාවැටුණ පාසල් ගොඩනැගිල්ලක් තිබෙන අතර එය ඉතාම අනතුරුදායක තත්ත්වයේ පවතී. එහි වරින්වර වහලයේ සීට් කැබලි කඩා වැටෙන බවත් එය අළුත්වැඩියාකර ගම්වැසියන්ගේ පොදු අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි බව ද ගම්වැසියෝ ප්‍රකාශ කරති.
නිවාස සඳහා වෙන් වෙන් වශයෙන් වැසිකිලි වලවල් නොමැති වීමද සෞඛ්‍ය ගැටලු මතු කර තිබේ. නිවාස 68 ට අයත් වැසිකිලි 68 සඳහාම ඇත්තේ පොදු එක වළකි. එය පිරුණ විට එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමද නිසි ලෙස සිදු නොවන බව ප්‍රදේශවාසීන් පවසයි. නිවාස සඳහා වෙන් වෙන් වශයෙන් ඔප්පු ලබා නොදෙන්නනේ ද මෙම හේතුව නිසා බව ගම්වැසියෝ කියති.
මේ සම්බන්ධයෙන් ධම්මිකපුර නිවාස යෝජනා ක්රමයේ පදිංචිකරුවෝ අදහස් දැක්වූහ.
එච්. පී. කුමාරි මහත්මිය (38) , ධම්මිකපුර නිවාස සුභ සාධක සමිතියේ සභාපතිනි,
"අපි හිටියේ හිරේවත්ත ප්‍රදේශයේ. අපේ ගෙවල් සම්පූර්ණයෙන්ම සුනාමියට විනාශ වුණා. මේ ගෙවල් ලැබිල වසර 11 ක් විතර වෙනවා. අපේ නිවාසවලට අදාළ භූමිය සඳහා ඔප්පු තවම ලැබිල නැහැ. අපිත් ඕපපාතිකයෝ වගේ ඉන්නවා.මේ නිවාස ඉතා බාල තත්ත්වයේ ඒවා. හැම නිවාසයකම වගේ බිත්ති පපුරල. වහලවල්දාවලට දාල තියෙන්නේ ගොබඩ පරාල. හැම එකක්ම වගේ ගුල්ලෝ ගහල. කොන්ක්‍රීට් එක බාලයි. මේවා ගැන කතාකරල විසඳුමක් කර ගන්න අපේ මහත්තයලටත් තේරුමක් නැහැ. ඒ අය ධීවර රස්සාව කරන්නේ."
ජී. දිමුතු මහත්මිය (21),
"තල්ගස්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය තිබුණ භූමියෙයි, මේ නිවාස හදල තිබෙන්නේ. ඉස්කෝලේ ගොඩනැගිල්ලත් බාගෙට කඩන් වැටිල තිබෙනවා. ඒ ස්ථානය හරිම අනාරක්ෂිතයි. අපේ ළමයි සෙල්ලම් කරන්න ඒ ස්ථානයට යනවා. සීට් කෑලි ඔළුවට කඩා වැටෙන්න පුළුවන්. අපි මේ ගොඩගැගිල්ල කඩා ඉවත් කරන්න කියන්නේ නැහැ. අළුත්වැඩියා කර ගමේ ප්‍රයෝජනවත් දේකට යොදවන්න කියල ඉල්ලා සිටිනවා. මගේ මහත්තයත් කරන්නේ ධීවර රස්සාව. මහත්තය මුහුදු ගියාම දුකසේ ජීවත් වෙනවා. අපි අම්බලන්ගොඩ සිටියදී නගරයට ළඟ නිසා හැම දෙයක්ම පහසුවෙන් කරගත්තා. දැන් සියලුම වැඩ සඳහා අමුතුවෙන් කාලයක් වැය කරන්න සිදුවෙලා තිබෙනවා. මේ නිවාස හුඟක් කල් තිබෙන එකක් නැහැ. ඔක්කොම වගේ අබලන් වෙලා. අයිතියකුත් නැති නිසා වැඩි සැලකිල්ලක් නැතුව ඇති. ඉඩම් ඔප්පු ටිකවත් ඉක්මනින් දෙන්න කියල ඉල්ලා සිටිනවා."
එම්. ඩබ්ලිව්. දේවිකා මහත්මිය (40),
මේ නිවාසපුරයේ කොන්ත්‍රාත් කළේ කව්ද කියන්න අපි දන්නේ නැහැ. ළමයින්ට සෙල්ලම් කරන්න තැනක් නැහැ. මහපාරේ සෙල්ලම් කරනවා. පිට්ටනි කොටස කැලෑ වෙලා. කොච්චර සුද්ධ කලත් ඉක්මනින් වල් බිහි වෙනවා. පිට්ටනිය කැලෑ වෙලා තිබෙන නිසා අපි එකේ දාලා කරවල ටිකක් වේලා ගන්නවා. පිට්ටනිය සුද්ධ කරල දෙනවා නම් ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්.
අම්බලන්ගොඩ සිටියදී අපේ ළමයි ධර්මාශෝක, දේවානන්ද වගේ ජාතික පාසල්වලට ගියා. දැන් ළමයින්ට පාසලක් නැහැ. අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. මේ පිළිබඳව කියන්න යන්න පුළුවන් හැම තැනකටම ගියා. වැඩක් වුණේ නැහැ. පොඩියට හරි වෙන වෙනම ගෙවල් හදල දුන්න නම් මීට වඩා වටිනවා. අපේ ගම්මානයේ ළමයින්ට කලින් වගේ නගරයේ පාසල් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා."
ජයකාන්ත ලියනගේ - බළපිටිය
0 comments :
Post a Comment