ඩොලර් බිලියනයක් වැයකර හැදූ ලන්ඩනයේ ඇමරිකන් එම්බසිය ට්‍රම්ප් නැතිව විවෘත වේ


බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉදිකෙරුණු එක්සත් ජනපදයේ නව තානාපති කාර්යාලය පසුගිය අඟහරුවාදා විවෘත කෙරුනේ කිසිදු විශේෂ උත්සවයකින් තොරවයි.
ඩොලර් බිලියනයක අති විශාල මුදලක් වැයකර ඉතා අලංකාර ලෙස මෙය ඉදි කර තිබෙන අතර මේ සඳහා
වැයවූ අධික මුදලගැන සෑහීමකට පත්වන්නට බැරි බව ඇමරිකානු ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබීම මත ඔහුට මෙය විවෘත කරන්නට එන්න ලද ආරාධනාවද ප්‍රතික්ෂේප කර තිබුණි.
මින් ඉහත ලන්ඩනයේ පැවති

ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂාව හා ඉඩකඩ අඩුවීමත් පැරණි පෙනුමත් නිසා නව ගොඩනැගිල්ල ඉදිකරන්නට කරුණු යෙදිණි.
තේම්ස් නදියේ දකුණට වන්නට පිහිට තටිටු 12 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ අලංකාරය පිණිස මෝස්තර යෙදූ වීදුරු අල්ලා තිබෙන අතර මේ ඉදිකිරීම ෆිලඩෙල්ෆියා ගෘහනිර්මාණ ශිල්පීය ආයතනය මගින් සිදු කර තිබුණි. කයිරන් තිම්බල්ලේක් ගෘහ නිර්මාණ ශිල්පියාය. අක්කර 5 ක භූමියක ඉහළ ආරක්ෂාවක් ලබා ඇති පෙදෙසක පිහිටුවා ඇති මෙම ගොඩනැගිල්ල වටා පොකුණක්ද සකසා තිබේ.
තානාපති කාර්යාලයේ, කාර්යමණ්ඩලය 800 ක් පමණ වන අතර දෛනිකව දිනකට පුද්ගලයින් 1000 ක් පමණ සේවාවන් සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂිතය.
 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ගොඩනැගිල්ල ඉදිකිරීම් සම්බන්ධයෙන් අතයට ගනුදෙනු සැකසහිත බව ජනපතිවරණ සමයේ සිට චෝදනා එල්ල කළේය. එහිදී ඊට වැය වූ වියදම් මෙන්ම පිහිටි ස්ථානය නුසුදුසු බව ඔහු පවසා සිටියේය.
ඔහු එම ඉදිකිරීම ගැන ඔබාමා පාලනයට ඇඟිල්ල දිගු කරයි. නමුත් ඇත්ත වශයෙන්ම  ආරක්ෂක හේතුන් මත මෙම නව තානාපති කාර්යාලය ඉදිකිරීමේ අදහස ලබාගෙන තිබුනේ ජනපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ය.2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සහ 1998 කෙන්යාවේ සහ ටැන්සානියාවේ සිය තානාපති කාර්යාල වෙත එල්ල වූ ප්‍රහාරද ඊට හේතු වී තිබේ.











Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment