දකුණු ඉන්දියාවේ කුප්‍රසිද්ධ ජල්ලි කට්ටු පොර ගව ක්‍රීඩාව නිසා මේ වනවිට මරණ 5 යි

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ දිනවල පැවත්වෙන පොර ගවයින් යොදා සිදු කරන ජල්ලිකට්ටු ක්‍රීඩාව නිසා පුද්ගලයින් 5 ක් මියගොස් තවත් පිරිසකට තුවාල ලද බව වාර්තාවේ.


මෙම මතභේදාත්මක ක්‍රීඩාව තහනම් කිරීමෙන් පසුව නැවත උසාවියේ විනිශ්චයට යවා තාවකාලික අවසරයක් ලැබීම මත ක්‍රීඩාව අරඹා තිබුණි.
2014 දී  මෙම ක්‍රීඩාව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරන ලද්දේ සත්ව කෲරත්වය මතය. නමුත් ආණ්ඩුව 2017 දී තහනම තාවකාලිකව ඉවත් කරගන්නට මෙම ක්‍රීඩාවේ පාරම්පරිකව නියැළෙන පිරිස් සමත්විය.
පොර ක්‍රීඩාවට ඔට්ටු ඇල්ලීම මගින් වාර්ෂිකව ආදායම් ලබන පරම්පරා ගණනක් දකුනු ඉන්දියාවේ සිටින අතර ඔවුන් මෙය නැවත පිහිටුවාගැනීමට වීදි බැස උද්ඝෝෂණද කර තිබුණි.
පසුගිය ඉරිදා සිට මේ දක්වා පුඩුකොට්ටෙයි ප්‍රදේශය ආශ්‍රිතව 5 දෙනෙකු මියගොස් අවම වශයෙන් 60 දෙනෙකු තුවාල ලබා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment