මඩ මෙහෙයුමකට ශී‍්‍රලනිපය ලෑස්තියි : මෛති‍්‍ර ඔපරේෂන් 2 අරඹයි.


පසුගිය දා ජනපති නිල නිවසට රැස් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඉහළ පෙළේ පිරිස තම මැතිවරණ ව්‍යාපාරයේ අලූත්ම තත්ත්වය පිලිබඳ ජනාධිපතිතුමා දැනුවත් කර ඇතැයි රහසිගත ආරංචි මාර්ග වලින් වාර්තා වේ. දැනට පවතින සමීක්‍ෂණ වාර්තා අනුව එක්සත් ජාතික පක්‍ෂයට අති විශාල ජයග‍්‍රහණයක් ලැබෙන බවත්, දෙවැනි ස්ථානය මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටුව ලබාගන්නා බවත්, තමන්ට හිමිව ඇත්තේ තෙවන ස්ථානය බවත්, එම ස්ථානයටද ජනතා විමුක්ති පෙරමුණ සමග කරටකර සටනක් ඇති බවත් මෙහිදි ප‍්‍රකාශ වීමත් සමඟ පිරිස කඩිගුලක් සේ ඇවිස්සී තිබේ. 

බොහෝ ජ්‍යෙෂ්ඨයන් පවසා ඇත්තේ විජිතමුණි සොයිසා අමාත්‍යවරයා මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම ශී‍්‍ර ලංකා පක්‍ෂයට පරාජය පුරුදු බව ප‍්‍රකාශකිරීම මගින් විශාල අගතියක් සිදු වූ බවයි. එසේම අමාත්‍යවරුන් පරස්පර විරෝධි කතා ප‍්‍රකාශ කිරීම, එකිනෙකාට එරෙහිව ප‍්‍රකාශ නිකුත්කර ගැනීම ආදිය නිසා ශී‍්‍ර ලංකා නිදහන් පක්‍ෂයේ පදනම විශාල වශයෙන් නායගොස් ඇති බව මෙහිදි ප‍්‍රකාශ විය. පක්‍ෂයේ උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ප‍්‍රකාශයන්ද එයට හේතු වූ බව ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කර ඇති අතර, තමන් විසින් වහාම පවතින තත්ත්වය වෙනස් කිරීමට උපක‍්‍රමයක් දියත් නොකළහොත් ශී‍්‍ර ලංකා නිදහප් පක්‍ෂය පරාජය පත්වීම නොවැළැක්විය හැකියැයි ප‍්‍රකාශ කර තිබුනේ චන්දිම බණ්ඩාර අමාත්‍යවරයාය. 

මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන පැවැත්ම තීරණය කරන්නේ මෙම මැතිවරණයේ ප‍්‍රතිඵලය බැව් එස්. බී. දිසානායක මහතා ප‍්‍රකාශ කිරීමත් සමගම බොහෝ දෙනෙක් කලබල වී තිබේ. තමන් මුල පටන්ම මෛති‍්‍රපාල සිරිසේන මහතාට අවවාද අනුසාසනා කළද ඔහු ඒවා ගණන් නොගෙන කි‍්‍රයාකළ බවත්, ඔහු සිතන්නේ තාමත් තමා ග‍්‍රාම නිලධාරියෙක් වන බවත් කියමින් මෙහිදි චෝදනා එල්ල කළ චන්දි‍්‍රිකා මැතිණිය පැවසුවේ ඉක්මනින්ම මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ පොහොට්ටු පක්‍ෂයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළ යුතු බවයි. එහිදි මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේ පොහොට්ටුවට පමණක් නොව, එක්සත් ජාතික පක්‍ෂයටත් එලෙසම ප‍්‍රහාර එල්ල කළ යුතු බවත්, සතුරන් දෙදෙනෙකුට එක්වර පහරදීමට ඇති අසීරුතාව ජයගන්නට කළ යුත්තේ මේ දෙකොට්ඨාසයටම හොරු යන ලේබලය අලවා හොරුන්ට පහරදීමේ පිලිවෙතක් දියත් කළ යුතු බවත්ය. එහිදි චන්ද්‍රිකා මැතිණිහ උපහාසයෙන් ප‍්‍රකාශ කර ඇත්තේ මහින්දගේ කාලේ හොඳට හොරකම් කළ හොඳම හොරු ටික සිටින්නේ තම පක්‍ෂයේ බවයි. 

විශේෂයෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ නැවුම් දේශපාලඥයන් වන හරින් ප‍්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා වැනි පුද්ගලයන්ට චරිත ඝාතනය වන ආකාරයේ ප‍්‍රහාරාත්මක සටනක් දියත් කළ යුතු බවට මෙහිදී විජිතමුණි සොයිසා මහතා කළ යෝජනායට සියලූ දෙනාගේ එකඟතාවය හිමි විය.

කෙසේ වුවද උනුයි මුනුුයි දෙගොල්ලොම හොරු යන ශිර්ෂය යටතේ මෛති‍්‍රපාල සිරිසේන මහතා ඔපරේෂන් 2 ආරම්භ කරන්නේ මෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. 

(විශේෂ වාර්තාකරුවෙක් විසිනි)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment