හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සිතාසි

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සිතාසි

 

මාර්තු මස 08 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මෙසේ සිතාසි නිතුත් කර ඇත්තේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්. එම්. බී. නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්. එම්. පී. ෆර්ඩිනැන්ඩු යන අයට ය. මොහාන් පීරිස් නීතිපතිවරයා වශයෙන් සිටියදී කරන ලද වරදක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබේ.

අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කළ චෝදනාපත්‍රය මගින් දක්වා ඇත්තේ ලංකා විදුලිබල පුද්ගලික සමාගමට ඉඩම් මිලදී ගැනීමකදී අක්‍රමිකතා සිදුව ඇති බවට පරීක්ෂණ කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබුණු බවය. එසේ තිබියදීත් ඊට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුළින් එවකට නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ මොහාන් පීරිස් සහ එවකට සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ නවාස් යන අය අල්ලස් පනත යටතේ වරදක් කර ඇති බව එම චෝදනා පත්‍රයෙන් දැක්වේ.

එම චෝදනා පත්‍රයෙන් සාක්ෂිකරුවන් 20 දෙනෙක් හා නඩුභාණ්ඩ 19ක් ද අල්ලස් කොමිසම විසින් නම් කොට තිබේ.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment