කොළඹ ගෙයක් බින්ඳ ප්‍රබල ඇමතිවරයෙක් ළඟදිම අත්අඩංගුවට.


කොළඹ හත කුරුඳුවත්තේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් නිවසක පොලිස් ආරක්ෂාව යොදවා තිබියදී රුපියල් කෝටි ගණනක් වටිනා දේපල පැහැරගෙන යාමේ චෝදනාවලට ලක්වූ ප්‍රබල ඇමතිවරයකු හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස්සිය නීතිපති උපදෙස් පතා ඇතත් එයට මෙතෙක් නීතිපති ප්‍රතිචාර ලැබී නොමැති බව වාර්තාවේ.

අදාළ අමාත්‍යවරයා ඡන්දයෙන් පරාජයට පත්ව ඡාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඇමති ධූරයක් ලබාගත් අයෙක් බවද පැවසේ.

කුරුඳුවත්ත හේවා ඇවනිව්හි පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට අයත් නිවාස හා එම දේපළ කොළඹ වෛද්‍ය විද්‍යාලයට අවසන් කැමැති පත්‍රයකින් පවරා තිබේ.

තනිකඩව විසූ ඔහු 2011 දී මියගොස් දින කිහිපයකට පසුව මළසිරුර හමුවී තිබිණි.

මෙම දේපළවලට කිරුළපන ප්‍රදේශයේ තේ කොළ වෙළෙන්දකු හා පොල් වෙළෙන්දකු අයිතිවාසිකම් පෑම නිසා අධිකරණයේ නඩුවක් ගොනුකර තිබී ඇත.

මේ අතර කුරුඳුවත්ත පොලිසියේ ආරක්ෂාව යොද කිබියදී ප්‍රබල දේශපාලඥයාගේ බිරිඳ සමඝ එම නිවසට කඩා වැඳී ජීප් රියක්, රුපියල් ලක්ෂ 12කක් වටිනා පැරණි ගෘහ භාණ්ඩ, රුපියල් ලක්ෂ 12ක් වටිනා මත්පැන් බෝතලයක් ඇතුළු දේපළ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙළිකරගෙන තිබේ.

මේ අතර, කුරුඳුවත්ත පොලිසියේ ලොක්කෙක් අදාළ නිවසේ හිමිකරුව සිට මියගිය කේ.සී. නඩරාජා මහතාගේ ක්‍රෙඩිට් කාඩ්පත යොදාගෙන රුපියල් කෝටි ගණනක භාණ්ඩ මිලදී ගෙන ඇති බවයි.

ඔහු සුපිරි වෙළෙඳසැල් වලින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය ඇතුළත් CCTV දර්ශනද රහස් පොලිසිය සොයාගෙන ඇති බව පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment