අද (20) පෙරවරු 10.30ට පමණ අස්ගිරියේ බැම්මක් ඉදිකරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු කඩා වැටුණු පස් කන්දට හසුවී තිබේ. එක් අයෙකු සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී ඇති අතර ඔහු මුදා ගැනීම සදහා විනාඩි විස්සක පමණ කාලයක් ගතවී තිබේ.
අනෙක් දෙදෙනාගෙන් අයෙකු පස්වලට යටවී සිටි අතර ඔහුගේ ඇග මතට සිමෙන්ති මිශ්‍රකරණ යන්ත්‍රයක් ද පෙරළී තිබුණු බව සිද්ධිය දුටුවන් පැවසූහ.
මහනුවර නාගරික ගිනි නිවීමේ නිලධාරින්, මහනුවර පොලීසිය හා අසල්වැසියන් එක්ව අනතුරට පත්වූවන් මුදා ගැනීමේ නිරතවූ අතර පස්වලින් සම්පුර්ණයෙන්ම යටවී සිටි අය රෝහල් ගත කරන අවස්ථාවේදී
මරණයට පත්ව සිට ඇත. අනතුරින් මරණයට පත්ව ඇත්තේ හාරිස්පත්තුව පදිංචි පී.ජී.ජානක නම් 44 හැවිරිදි පුද්ගලයෙකි.
අනෙක් දෙදෙනා ද හාරිස්පත්තුවේ පදිංචි කරුවන් වන අතර අයෙකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.
මෙම ඉදිකිරීම මහනුවර මහ නගර සභාවේ අනුමැතියකින් තොරව සිදුකරන ලද්දක් යැයි නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
නදීක දයා බණ්ඩාර - මහනුවර
0 comments :
Post a Comment