විගණන වාර්තා එනකම් ඉන්නේ හැමෝටම උත්තර දෙන්න - මැක්ස්වෙල් ද සිල්වා

විගණන වාර්තා එනකම් ඉන්නේ හැමෝටම උත්තර දෙන්න - මැක්ස්වෙල් ද සිල්වා

"2007 වසරේ සිට ජාතික ඔලිම්පික් කමිටුවේ වාර්ෂික ගිණුම් වාර්තාවන්හි විගණන කටයුතු කර තිබෙනවා. ක්‍රියාපටිපාටියේ යම් ප්‍රමාද දෝෂයක් නොවන්නට ජාතික ඔලිම්පික් කමිටුව නියමිත පරිදි වාර්ෂික ගිණුම් වාර්තා අනුමත කරතිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පවා එම වාර්තා යොමුකිරීමට අප කටයුතු කර තිබෙනවා. අපි වගකීම් විරහිත ලෙස කටයුතු කර නැහැ. මහ ලේකම්වරයා ලෙස මට ඊට සහතික විය හැකියි. 2007 සිට 2012 දක්වා කාලයා දක්වා වන ගිණුම් පිළිබඳ විගණනය කර අවසන් . 2013,2014,2015 සහ 2016 යන වසර වල වාර්ෂික ගිණුම් විගණකාධිපතිවරයා විසින් දැනටමත් කෙටුම්පත් කර ඇති අතර නුදුරේදීම අවසන් වාර්තාව ලබා දීමට නියමිතයි. ජාතික ඔලිම්පික් කමිටුවේ පාලනාධිකාරිය වෙනුවෙන් මම කියනවා ගිණුම් වාර්තා පිළිබඳ කිසිවෙකු හෝ දෙගිඩියාවක් තබා ගත යුතු නැහැ. ඒ වගේම තමයි ද්වේශ සහගත ලෙස කරන ප්‍රකාශයන්හි කිසිදු පදනමක් නැහැ. අවසන් විගණන වාර්තා ලැබීමෙන් පසුව මම සුදානම් ඔය සියලු චෝදනාවන්ට උත්තර දෙන්න.

ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් පිළිබඳව සාහසික ප්‍රකාශ කරමින් මහජනතාව නොමග යැවීමටත්, වත්මන් ඉහළ කළමණාකාරිත්වය අපකීර්තියට පත්කිරීමටත් ගන්නා උත්සාහය එක අතකින් රසවත් අත්දැකීමක් වෙලා.

විශේෂයෙන් මේ ගිණුම් කටයුතු පිළිබඳ ද්වේශ සහගත ලෙස ප්‍රකාශ නිකුත් කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය කළමනාකරණ කමිටුවේ ප්‍රධානියා වන රොහාන් ප්‍රනාන්දු මහත්මයාමයි. 2010 දෙසැම්බර් මාසයේ සිට වසර හයක් ඔහු එම ධූරයේ කටයුතු කරනවා. මූල්‍ය කළමනකරණ කමිටුවේ සභාපති ලෙස ඇත්ත වශයෙන්ම 2017 වසරේත් ඔහු තමයි කටයුතු කළේ.

මෙතන දැන් තියෙන ප්‍රශ්නය තමයි මූල්‍ය කමිටුවේ සභාපතිම තමයි ගිණුම් ගැන මේ අසත්‍ය ප්‍රකාශ කරන්නේ. ගිණුම් වල කුමක් හෝ වංචාවක් ඇති බවට කියන්නේ ඔහු. ඒ කියන්නේ ඔහු මූල්‍ය කමිටුවේ සභාපතිවරයා විදිහට වගකීමෙන් වැඩකරලා නැද්ද ?"

ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රොහාන් ප්‍රනාන්දු මහතාව මූල්‍ය කමිටුවේ සභාපතිධූරයට පත් කළේ තමන්ගේ අදහස අනුව බවත් ඒ මොහොතේ මේ තනතුර සඳහා ඔහුගේ සුදුසුකම් පිළිබඳ සොයා නොබැලූ බව මැක්ස්වෙල් ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment