ඇමරිකාවට සහ කැනඩාවට සුනාමි අවදානම - ඇලස්කාවේ මහා භූමිකම්පාවක්

ඇමරිකාවට සහ කැනඩාවට සුනාමි අවදානම - ඇලස්කාවේ මහා භූමිකම්පාවක්

එය දැනුම් දී තිබෙන්නේ ‘විශාල දුරකට පැතිරිය හැකි විනාශකාරී සුනාමි රළ‘ ඉදිරි පැය 3 ක කාලය තුළ ඇතිවිය හැකි බවට ය.

ඇලස්කාවේ රික්ටර් ඒකක 8.2 ක භූ චලනයක් ඇති වී තිබෙන අතර, මෙම භූ චලනය ඉතිහාසයේ ඇමරිකානු භූමියේ ඇති වූ දරුණුතම භූ චලන 5 න් එකක් බවට ගණන් බලා ඇත. ඇලස්කාවේ කෝඩියැක් දූපතට නුදුරින් පොළෝ මතුපිට සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් ඇති වී තිබෙන මෙම ප්‍රබල භූ කම්පනය ඇමරිකානු වේලාවෙන් අළුයම 12.30ට පමණ හටගත් බව කියැවේ.

එයින් මද වේලාවකට පසු මීටර 10 ක් (අඩි 32 ක්) උසට සුනාමි රළ හටගෙන ඇත.

ඇලස්කාව හැරුණු විට කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාව, වැන්කුවර් මෙන්ම ඇමරිකාවේ සියැටල්, පෝට්ලන්ඩ්, සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලීස් සහ සැන් ඩියගෝ යන ජනපද ද සුනාමි රළ පහරට ගොදුරු වීමේ අවදානම පවතියි.

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment